මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Friday, December 26, 2014

ඉදිරියේදී සිද්ධ වෙන්නේ කුමක්ද??

මේ දවස්වල තිබෙන දේශපාලන තත්වය දැක දැකත් අන්ධයන් මෙන් කටයුතු කිරීම අප රටේ අභාගයක් බව මට හැඟේ.මේ වන විට රට තිබෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නමුත් ඔබට ඒ සඳහා කරන්න පුළුවන් මොකක්ද කියන එක තීරණය කරන්න පුළුවන් සබුද්ධික ඔබට බුදුරජාණන් වහන්සේ විසින් දේශානා කරන ලද කාරණාවක් මතු කරන්න කැමතියි.

බුදුරජාණන් වහන්සේගේ සුත්‍ර දේශනයක් (Lotus Suthra) ඇසුරින් Bertolt Brecht‘s විසින් රචනා කරන ලද ලෝක ප්‍රසිද්ධ කවියක් වන “The Buddha’s Parable of the Burning House,” ඔබ හමුවේ ගෙන හැර දක්වන්න කැමතියි.

Guatama the Buddha taught
The doctrine of greed’s wheel to which we are bound, and advised
That we shed all craving and thus
Undesiring enter the nothingness that he called Nirvana.
Then one day his pupils asked him:
“What is it like, this nothingness, Master? Every one of us would
Shed all craving, as you advise, but tell us
Whether this nothingness which then we shall enter
Is perhaps like being at one with all creation,
When you lie in water, your body weightless, at noon,
Unthinking almost, lazily lie in the water, or drowse
Hardly knowing now that you straighten the blanket,
Going down fast –whether this nothingness, then,
Is a happy one of this kind, a pleasant nothingness, or
Whether this nothingness of yours is more nothing, cold, senseless and void.”
Long the Buddha was silent, then said nonchalantly:
“There is no answer to your question.”
But in the evening, when they had gone,
The Buddha still sat under the bread-fruit tree and to the others,
To those who had not asked, addressed this parable:
“Lately I saw a house. It was burning. The flame
Licked at its roof. I went up close and observed
That there were people still inside. I entered the doorway and called
Out to them that the roof was ablaze, so exhorting them
To leave at once. But those people
Seemed in no hurry. One of them,
While the heat was already scorching his eyebrows,
Asked me what it was like outside, whether there was
Another house for them, and more of this kind. Without answering
I went out again. These people here, I thought,
Must burn to death before they stop asking questions.
And truly friends,
Whoever does not yet feel such heat in the floor that he’ll gladly
Exchange it for any other, rather than stay, to that man
I have nothing to say.” So Gautama the Buddha.
But we too, no longer concerned with the art of submission,
Rather with that of non-submission, and offering
Various proposals of an earthly nature, and beseeching men
To shake off their human tormentors, we too believe that to those
Who in face of the rising bomber squadrons of Capital go on asking too long
How we propose to do this, and how we envisage that,
And what will become of their savings and Sunday trousers after a revolution
We have nothing much to say.

මෙම ලෝක ප්‍රසිද්ධ කවිය මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබුවා. එහි සිංහල පරිවර්තනය පහත පරිදි සටහන් වෙනවා.

තණ්හාවේ දෝසේ, දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා, විමුක්තිය පතා
නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක.
ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්:
තණ්හාව හළ විගස, සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන.
එවිට අප සියලූ දෙන තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා
කුසීතව පාවෙමින් සිටින්නා වාගේද
ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද
නොඑසේ නම් එය සිත නැති කය නැති
කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි?
මෙය ඇසූ හිම සඳ හෝරා ගණනක් වැඩ හිඳ නිසලව
කීවේ මෙලෙස ය: ඔබ ඇසූ පැනයට පිළිතුරු නැත මට
එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා
පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු
එහි සිටි සෙසු දන සැම අමතාලා
දෙසූහ මේ සුළු කතාව උපමා:
දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබුණි
රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
එහි තුළ මම දනන් දුටිමි දොර හැර ඔවුනට හඬගා පිටවන්නැ යි මම කීවෙමි.
එහෙත් එදන සැලූණේ නැත හදිසි බවක් පෙන්නුවෙ නැත.
එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳද වැසි වසීද සුළඟ තදද
දැවෙන නිවෙස දමා ගොසින් ඉන්න ගෙයක් තියෙනවාද?
මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් වුණෙමි නිහඬ.
මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න
නවත්තන්නේ ගින්නෙන් නැසුණාම කියා
‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න බණක් නැතිය මට කියන්න’’.

එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’





Wednesday, December 17, 2014

කෙසෙල් ල් ල් ල් ල් ල් ල් ල් ල් ල් ල්

2010 තිරගත කරන ලද "Despicable Me" චිත්‍රපටය කා අතරත් ජනප්‍රිය උනා. ලෝක පුජිත සොරෙකු වීම සඳහා සිහින දකින සොරෙකු වටා ගෙතුණු මනරම් කතා තේමාවක් තිස්සේ මෙම චිත්‍රපටය දිව යනවා. ඒ අතර Gru නමැති සොරාගේ ආවතේව කරුවන් ලෙස සිටින්නේ කහ වර්ණයෙන් යුක්ත හුරුබුහුටි "minions" නමින් හඳුන්වන කණ්ඩායමක්. ප්‍රථමවරට minions ලාව අපට දැක ගන්න ලැබෙන්නේ මෙම චිත්‍රපටයෙන්. ඉන්පසු මෙම minion චරිත කා අතරත් ප්‍රසිද්ධ වුනා.

Illumination Entertainment සමාගමේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ දෙවන කොටස 2013 අවුරුද්දේ දී ප්‍රේක්ෂකයන් හට නැරඹීමට අවස්තාව උදා වුනා. මෙම චිත්‍රපටයේදී minions සඳහා විශේෂ තැනක් ලබා දී තිබුනේ එම චරිත වලට ලැබුණු ජනප්‍රියත්වය නිසා. Pierre Coffin / Chris Renaud විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වුනා.

minions චරිතයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ Pierre Coffin. minion චරිත සඳහා හඬ කවනු ලබන්නේ ද සම අධ්‍යක්ෂ වරයෙකු වන Pierre. minions ලා භාවිතා කරන භාෂාව හඳුන්වනු ලබන්නේ "minionse" ලෙස මුත් ඔවුන්ට ඉංග්‍රීසි වටහා ගැනීමේ හැකියාව පවතිනවා. කෙසෙල් සඳහා විශේෂ ඇල්මක් minions විසින් දක්වනු ලබනවා. minions නාමකරණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය නම් වන Dave, Stuart,Kevin, Jerry, Carl,Phil, Paul, Mike, Jorge,Tim,Donny, Mark, Lance, Mike, Ken, Tom,John, Steve සහ Bob යන නම් වලින්. මොවුන් රංගනයෙන් දායක වන කෙටි චිත්‍රපට හයක් ද මේ වන විට එලි දක්වා තිබෙනවා.

2015 ජුලි 10 වනදා නැවතත් අපට මොවුන් දැකගැනීමේ භාග්‍යය උදා වෙනවා. ඒ Pierre Coffin හා Kyle Balda විෂින් අධ්‍යක්ෂණය කරන ලද "Minions" චිත්‍රපටයෙන්. එහි පුරවා ප්‍රචාරක පටය මේ වන විටත් ලොව පුරා වෙසෙන ප්‍රේක්ෂකයන් මිලියන ගණනක් නරඹා තිබෙනවා. ඔබටත් එය නැරඹීමට ආරාධනා කරනවා. 






Monday, December 15, 2014

A cappella (සංගීතය නැති සිංදු...)

සංගීත ලෝකයේ විටින් විට විවිධ ප්‍රවනතාවයන් ඇති වෙනවා. ඒ අතරින් A cappella (ඉතාලි භාෂාවෙන් "පල්ලියේ ඇති ආකාරයට") කියන්නේ අතීතයේ සිට පැවතෙන ගායනා ක්‍රමයක්. මෙහිදී කිසිදු වාද්‍ය භාණ්ඩයක් භාවිතා කිරීමෙන් තොරව ගීතය ගායන කෙරෙනවා. ඉතාලියේ පුනරුද සමයේ සිට පැවතෙන ගීතිකා ගයනා කිරීමේ ක්‍රමයක් වන මෙය අද වනවිට වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත. A cappella ලෙස ගායනා කිරීමේදී බොහෝවිට සිදුවන්නේ harmonize එහෙමත් නැත්නම් සම ස්වරත්වයකින් එකිනෙකා ගායනා කිරිමෙන් මධුර සුසංයෝගයක් ඇතිකර ගැනීමය. වර්තමානය වන විට සංගීත භාණ්ඩ වල ශබ්ද පවා මුවින් නිකුත් කිරීමට හැකියාව ඇති සංගීත කණ්ඩායම් ලෝකයේ බිහිවී ඇත. මේ අතරම Beatboxing නමැති රැප් සංගීතය තුල ප්‍රචලිත සංගීත ක්‍රමයද A cappella සමග මිශ්‍ර කොට අනර්ග නිර්මාණ බිහිවී තිබේ.

ශ්‍රී ලංකාවේද A cappella සංගීත ක්‍රමය අද වන විට බොහෝ ජනප්‍රිය වී තිබෙනවා. මෙම සංගීත ක්‍රමය භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වූ සංගීත කණ්ඩායමක් තමයි Voice Print. 2006 දී ආරම්භ කරන ලද කොළඹ ශාන්ත බෙනඩික් විදුහලේ ආදී සිසුන් දස දෙනෙක් ගෙන් සමන්විත Voice Print වර්තමානය වන විට දෙස් / විදෙස් ප්‍රසාදය දිනා තිබෙනවා. ඔවුන්ගේ You Tube Chanel එක බලන්න ( https://www.youtube.com/user/VoicePrintChoir )

ලෝකයේ ප්‍රසිද්ධ A cappella සංගීත කණ්ඩායම් ගැන සලකන විට Vocal Sampling කියන්නේ එම අංශයෙන් ඉදිරියටම පැමිණ තිබෙන සංගීත කණ්ඩායමක්. කියුබානු ජාතිකයන් සය දෙනෙකුගෙන් යුක්ත මෙම සංගීත කණ්ඩායම සජීවී සංගීත ප්‍රසංගවලදී ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරනවා. Vocal Sampling කණ්ඩායම විසින් ප්‍රති නිර්මාණය කරන ලද "Hotel California" ගීතය කාගේත් කතා බහට ලක්වූ නිර්මාණයක්.

ඔබටත් එය නරඹන්න කියා ආරාධනා කරනවා.


Sunday, December 14, 2014

අපොයි Google...

අන්තර්ජාලය කියන වචනය ඇසු සැනින් ඔබට මතක් වන්නේ කුමක්ද?
මේ ප්‍රශ්නය අසු විට වැඩි ප්‍රතිශතයක් හට මතක් වන්නේ Google සමාගමයි.

1996 දී Stanford විශ්වවිද්‍යාලයේ Phd සිසුවන් දෙදෙනෙකු වූ  Larry Page හා Sergey Brin විසින් තමන්ගේ පර්යේෂණ ව්‍යාපෘතිය වශයෙන් Google සෙවුම් යන්ත්‍රය නිපදවන ලදී. නමුත් වර්තමානය වන විට ලෝකයේ අංක එකේ සෙවුම් යන්ත්‍රය බවට Google පත්ව ඇත්තේ නිතරඟයෙනි.

Google සමාගම දිනෙන් දින දියුණු වීමට ප්‍රධාන හේතුවක් බවට පත්වුයේ තම තාක්ෂනය තුලින් ලෝකයට විවිධාකාර වේදිකාවන් තිලින කිරීමට හැකිවූ නිසාය. You tube, Gmail, Blogger, Google+, Translate හා Transliterate යන නිෂ්පාදන ඒ අතර මුලික තැනක් ගනී.

Blogger අවකාශය නිර්මාණය වීමත් සමග සාහිත්‍ය ලෝකයේ පෙරලියක් ඇති වුන බර නොරහසකි. කිසිදා නොසිතු විරු ලෙස පුද්ගලයන් රචනය සඳහා යොමු වීමට පටන් ගැනුනි. ඒ අතරම Google විසින් Transliterate නම් ඉතා වටිනා උපාංගය හඳුන්වා දෙන ලදී. එමගින් තමන් දන්නා භාෂාවෙන් බ්ලොග් ලිවීමට අවකාශය උදාවුනි. ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ පුනරුදයක් සටහන් කිරීමට මෙම කරුණු හේතු සාධක විය.
Google සමාගම තවත් අලුත් පිටුවක් පෙරලමින් පසුගිය සතියේ ඉංග්‍රීසි භාෂාවෙන් කෙලින්ම සිංහලට පරිවර්තනය කිරීමේ උපාංගයක් Google translate පද්ධතියට එකති කිරීම ශ්‍රී ලාංකීය අපට ආඩම්බර විය හැකි කාරණයකි.  නමුත් ඇතැම් වචන / කියමන් පරිවර්තනය කල විට හාස්‍යජනක ප්‍රතිපල දැකගත හැකිය.ඉන් කිහිපයක් ඔබ හමුවේ දැක්වීමට තීරණය කලෙමි.











Friday, December 12, 2014

හත්වලාමේ...

මට මේ ලිපිය ලියන්න හිතුනේ පසුගිය දවස් වල රුපවාහිනියේ හා ජාතික පුවත් පත් වල පලවූ ප්‍රවෘත්ති දැක්කම ඇතිවුණු කලකිරීම නිසා.
"ගණිතයට අනුව උඩ දෙකට යට දෙක කැපුනාම බිංදුවක් උනා" - විමල් වීරවංශ

"දුටුගැමුණු රජුගේ මව මහාමායා දේවිය" - නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර

"වනජීවී ඇමති වෙලා මට ඇත්දළයක් ගලවගන්න බැරිනං වැඩක් නෑනෙ.." - විජිත් විජයමුණි සොයිසා (වන ජීවී ඇමති)

ගිරිය පුප්පාගෙන පොර talks දෙන දේශපාලනඥයන් ගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බලන විට අපට මතක් වන්නේ පුරාණයේ අපේ මුතින් මිත්තන් විසින් භාවිතා කල  "පිරුණු කලේ දිය නොසැලේ"ප්‍රස්ථා පිරුල. ඒ කියන්නේ කලය පිරි නැත්නම් හැම තිස්සෙම කලය කැලත්තීමෙන් ශබ්දයන් ඇතිවෙන බවයි. හිස් එහෙමත නැත්නම් අල්පශ්‍රැත මිනිසුන් ඒ වගේ.. සමහර විට තමන් කියන දේ තේරුමවත් දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න ඇති බහුතරයක් සාමන්‍ය පෙළවත් සමත් නැහැ.

කොහොමද එහෙම පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගියේ?
දැන් තියෙන මනාප ක්‍රමයේ අඩුපාඩුව නිසා තමයි නුගතුන් පාර්ලිමේන්තුවට යන්නේ. මෙවන් උදවියට කතිරය ගැසූ අපිත් වග කියන්න ඕනේ.

කරුණාකරලා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ කටින් පමණක් දේශපාලනය කරන නුගත් පුද්ගලයන්ට චන්දය ලබා දීමෙන් වලකින්න. එය ඔබගේ චන්දය නාස්ති කිරීමකි.




Thursday, December 11, 2014

තරු එක්ක සෙල්ලම් කිරීම...

ශ්‍රී ලංකාවේ මේ දවස් වල සිද්ධ වෙන දේවල් දැක්කම මතක් වෙන්නේ කොසොල් රජතුමාගේ සිහින දහසයයි. බුදු රජාණන් වහන්සේ එම සිහින නිර්වචනය කලේ කොහොමද බලන්න මෙතැන කොටන්න.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකු විය හැක්කේ බෞද්ධ පසුබිමකින් පැවත එන පුද්ගලයෙකුටය. බුදු රජාණන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ මිනිසුන් නැඹුරු වීම අනුමත නොකරයි. බුදු හිමියන්ගේ අනුශාසනා වලට පිටු පා රටේ මුල් පුරවැසියා සියලුම කර්තව්‍යයන් සඳහා නැකත් පහු පස හඹා යන්නේ නම් එක ඛේදනීය තත්වයකි. මන්දයත් ඔහු රටටම ලබා දෙන්නේ වැරදි පුර්වා දර්ශයකි.

ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නොව දෙකක් බව පැහැදිලිය. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එසේ තිබියදීත් තම ජ්‍යෝතිෂ්‍ය ජීවන වෘත්තීය වශයෙන් සිදුකරමින් බුදු වදන් තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද සිටින බව කිව යුතුමය.බුදු දහම යනු හේතු පල දහමකි. චුල්ලකම්ම් විභංග සුත්‍රය අනුව ලොව වෙසෙන සියලුම සත්වයනට කර්මය අනුව ජීවිතයේ දුක සැප තීරණය වන බව බුදුන් වහන්සේ දක්වා ඇත.

"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"
අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නොයොදත් මය.

බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කල වදන් නොසලකා තම ඉරණම විසඳා ගැනීම සඳහා තරු පිටුපස ගමන් කිරීම අඥාන ක්‍රියාවකි. කෙටියෙන් කියතොත් තම ඉරණම විසඳෙන්නේ තමන් කල / කරන හොඳ / නරක තුලින් මිසක් තාරකාවන්ගේ බලපෑමෙන් නොවේ. මතක තියා ගන්න නැකත කියන්නේ තමන්ට පුළුවන් කියලා තීරණය කරන දිනය / වෙලාව මිසක් තරු වල පිහිටීම මගින් තීරණය කරන දිනය නොවේ.

Tuesday, December 9, 2014

ගීයක මියුරු - මහා වැස්සක පෙරනිමිති...

මම ඉතාමත් ආදරය කරන ගීතයක් ගැන මට දැනුන දේ මට පුළුවන් විදිහට ලියලා ඔබ හා බෙදාගන්න හිතුවා.. 

සුභාවිත ගීතයේ රසය සොයා යන පුද්ගලයෙකුට අමතක කල නොහැකි ගීතයක් ඔබ අතරේ බෙදාගැනීමට තීරණය කළා. සරල පද පෙලකින් යුක්ත උවත් ගැඹුරු යතාර්තයක් හොවා දක්වන මෙම ගීතය කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ගේ රචනයකි. මෙය සංගීතවත් කර ඇත්තේ සනත් නන්දසිරි කලාකරුවා විසිනි. මියුරු හඬින් ගායනා කරනු ලබන්නේ W.D අමරදේව අසාහාය නම් කලාකරුවා විසිනි. 1927 මොරටුවේ උපන් වන්නකුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරෙරා අප කා අතරත් ප්‍රසිද්ධ වේ ඇත්තේ "අමරදේවයන්" යන නමිනි.

මේ ගීතය අසනා විට මහළු වියේ කෙනෙක් තනි වූ විට ඇතිවන හැඟීම් ඉතාමත්ම අපූරුවට ගයන අමරදේවයන් අපගේ හැඟීම් හා එක් වන්නේ අපටත් නොදැනීම අපගේ තනිකම දුරලමින්. සරල ගීතයක් වන මෙය ආදරය / තනිකම / මහලුවිය / අතීතය හා වර්තමානය ගැන ප්‍රබල පුනරාකථනයක් සිදු කරනු ලබයි.

මහවැස්සක පෙර නිමිති පෙනෙනවා..
කවුළුව අතරින් හිරිකඩ එනවා..
මල් පැණි වඩියක උණුසුම ලබනට..
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..

වර්ෂාව සිදුවීමට ප්‍රථම සිදුවෙන සිදුවීම් හා බැඳුනු සුන්දරත්වය විස්තර කරන අතරම වැස්සත් සමග මිනිස් සිතේ ඇතිවන අව්‍යාජ සිතුවිලි ගැන ගී පද රචකයා විස්තර කරනු ලබනවා.

කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්නද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ..
මා දැන් මහළු වියේ..

ගී පද රචකයා කතා නායකයාගේ භෞතිකය පිලිබඳ මනා පැහැදිලි කිරීමක් මෙම පද පේලි තුලින් රස වින්දිනාට දැනගැනීමට සලස්වයි. වයෝවෘද භාවය හා භෞතික වස්තුන් කෙරෙහි ඇති ආශාව මදකම මැනෙන් පිළිඹිඹු වේ. මනුෂත්වය හා චෛතිකයයේ  වෙනස් වීම් සියුම් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

පාරට බැස්සම නොවැසීතල වැඩි
තනිකම ඊට වැඩියි..
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොදහැටි මතකයි..

ස්වභාවික පරිසයේ වෙනස්වීම් තම ජීවිතය පිළිඹඳ සංසන්දනය කිරීම ඉතාමත් අගනේයි. මහලු වයසේ තනිවම දිවි ගෙවුවත් ආදරය දෙස බලා ඊර්ශියා කරනු වෙනුවට තමන්ගේ අතීතය දිගේ සිතින් ගමන් කිරීම ඉතාමත් සුන්දරව දක්වා තිබෙනවා.

මීවිතකින් ගත උණුසුම් වූවත්
සිත උණුසුම් වේදෝ..
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා..
මා ආපසු යනවා..

අවසාන පද පේලියෙන් සුරාවෙන් ලබන තාවකාලික සුවයෙන් ඔබ්බට ගොස් ජීවිතයේ යතාර්ථය තේරුම් ගැනීම ඔස්සේ හුදෙක් ජනී ජනයාට ආදර්ශයක් සපයා තිබෙනවා.

Monday, December 8, 2014

නවතින්න තිස්ස නවතින්න...

"නවතින්න තිස්ස නවතින්න..." කියලා ඇහුන ගමන් මතක් වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු හිමියන් කතා කල අන්දම. ඒත් මේ දවස් වලදී නම් තිස්ස නම ඇහුන ගමන් මතක් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායකව. ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ලේකම් විපක්ෂයට සහයෝගය දෙනවා. ඊයේ ඉඳන් විපක්ෂයේ ලේකම් ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙනවා.

ඇත්තටම දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්. මේ මඩ ගොඩට බැස්ස උදවියගෙන් ඉතාමත් ටික දෙනයි අතපය පිරිසිදුවට තියන් ගොඩට ඇවිත් තියෙන්නේ... මට හිතුනා දේශපාලනය ගැන ලෝකයේ විද්වතුන් ප්‍රකාශකළ අදහස් කිහිපයක් ඔබ හමුවේ ගෙන හැර දක්වන්න.

George Orwell නැමැති ඉංග්‍රීසි කතුවරයා කියන විදිහට "දේශපාලනය නමැති භාෂාව නිර්මාණය වී ඇත්තේ බොරුව ඇත්ත ලෙස පෙන්වීමට බවයි."

Alan Clark නමැති හිටපු බ්‍රිතාන්‍ය ඇමතිවරයකු පවසන විදිහට "දේශපාලනයේ මිතුරන් නැහැ. සියලුම දේශපාලඥයන් මිනි මෝරුන් වගේ.. අවශ්‍යතාව එනකම් බලන් ඉන්නේ අනෙකා විනාශ කිරීමට.

Kin Hubbard "අපි හැමවිටම උත්සහ කරන්නේ හොඳම පුද්ගලයාට චන්දය ලබා දීමටයි. නමුත් හොඳම පුද්ගලයා අපේක්ෂකයෙකු නොවේ.

Charles de Gaulle"අපගේ ස්වාමියා වීම සඳහා අපගේ සේවකයෙකු ලෙස රඟපානු ලැබේ." 

Nikita Khrushchev "දේශපාලඥනයන් චන්දය ගැනීම සඳහා ගඟක් නැති තැනක උනත් පාලමක් හැදීමට පොරොන්දු දෙයි."

Doug Gwyn "බහුතර චන්දයෙන් ඇත්ත තීරණය නොවේ."

අපි පක්ෂ / පාට බෙදිලා මරා ගන්නවා. නමුත් අපි පත් කල දේශපාලඥයන් හෙට ඔවුන්ගේ තනි මතයට පක්ෂ / පාට මාරු කරනවා. ගොඩක් වෙලාවට මෙහෙම වන්නේ තම සුඛ විහරණය උදෙසා.ඒක නිසා අරයා ගියාද / මෙයා එනවාද නැත්නම් වෙනත් දේ ගැන කතා කිරීමත් අපගේ කාලය නාස්ති කිරීමක්. නිදහසින් පසු අප ආ ගමන් මග බැලුවොත් වැදගත් දේශපාලඥයින් කියන්න පුළුවන් ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් අඩුයි.

Sunday, December 7, 2014

අම්මාගේ සුදු කෙස්..

මේ දවස් වල පොඩි උන් එක කතා කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒ ගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියාම උතුර දකුණ මාරු වෙනවා...

මේ සිද්ධිය මැදි වයස පහු කරමින් යන අම්මා කෙනෙකුට සිද්ධ වෙච්ච කතාවක්. ටිකෙන් ටික වයසට යන අතරේ හිසකෙස් සුදුවෙන එක සාමානය දෙයක්. මේ අම්මගේ පොඩි එකා ඕක හොඳින් නිරීක්ෂණය කරලා. අම්මගෙන් මෙහෙම අහනවා...

පුතා - අම්මේ මොකද ඔයාගේ හිසකෙස් සුදු වෙන්නේ..?

(අම්මත් පොඩි එකාට වැදගත් පාඩමක් උගන්න හිතාගෙන මෙහෙම කියනවා)

අම්මා - ඔව් පුතේ, ඔයා දඟ වැඩක් කරන වේලාවට කෙස් ගහක් සුදු වෙනවා. මේ කොන්ඩේ සුදු වෙලා තියෙන්නේ ඔයාගේ දඟ වැඩ නිසා..

(පොඩි එකා පොඩ්ඩක් කල්පනා කරනවා...)

පුතා - හුරේ.. මං දැන් දන්නවා ආච්චිගේ කොන්ඩේ සුදුම සුදු ඇයි කියලා..

Friday, December 5, 2014

ඔබේ දෛවය වෙනස් කල හැකිද?

දෛවය පිලිබඳ අපුරු කතා පුවතක් රැගත් Predestination චිත්‍රපටය නැරඹීමේ භාග්‍යය ඊයේ මට උදා උනා. මේ චිත්‍රපටය Robert A. Heinlein ගේ කෙටිකතාවක් වන "—All You Zombies—" තුලින් නිර්මාණය වුවක්. මෙම චිත්‍රපටය ඔස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වන අතර Michael Spierig හා Peter Spierig නමැති නිවුන් සොයුරන් විසින් නිර්මාණය කර තිබෙනවා. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ ප්‍රසිද්ධ නළුවකු වන Ethan Hawke හා Sarah Snook යන නිළියයි.

All You Zombies කෙටි කතාව කියවීමට අවශ්‍ය නම් පහත ලින්කුව වෙත පිවිසෙන්න
All You Zombies - කෙටිකතාව කියවන්න

ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය ඉතාමත් සංකීර්ණයි. බොහෝ දෙනෙකුට නොතෙරෙන්නත් පුළුවන්. සමහරක් හට මේ වෙන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරි වෙයි. ඉතාමත් නිරවුල් මනසකින් බැලිය යුතු චිත්‍රපටයක් වන අතරම අවධානයෙන් බැලිය යුත්තක් වනවා.

මෙහි කතා වස්තුව ගෙතෙන්නෙ BAR එකක වැඩකරන පුද්ගලයෙකු හා ඔහුට මුන ගැසෙන අවුරුදු විසිපහක් වයසැති පුද්ගලයෙක් අතර ඇතිවෙන කතාබහකින්. මෙම චිත්‍රපටය time travel සංකල්පය තුලින් නිර්මාණය වූවක් උවද time traveling සංකල්පය නව මානයක් කරා ගෙන ඒමට මෙම කතාව සමත්වනවා. සිද්ධි හා කාලය අතර ඇති සම්බන්ධය හා අපට අපේ දෛවය වෙනස් කල හැකිද යන්නට පිළිතුරු සැපයීමට මෙම නිර්මාණය සමත් වී තිබෙනවා. මෙහි කතාව අවසන් වන තුරුම සිදු වන්නේ කුමක්දැයි වටහා ගැනීමට අපහසුයි. එතරම් සංකීර්ණයි. නමුත් ආකර්ශනීයයි. මම මෙම චිත්‍රපටයේ කතාව ඔබවෙත ගෙනහැර නොදක්වන්නේ එමගින් ඔබට අසාධාරණයක් සිදුවන නිසා.

ඔබටත් මෙම චිත්‍රපටය බලන්න කියා ආරාධනා කරනවා. මතකයේ රැඳෙන කතාපුවතක් වෙන බව නම් විශ්වාසයි.

(මෙය නරඹන්න ආරාධනා කල දර්ශන සහෝදරයාට ස්තුතිය පුදකරනවා.)




Predestination චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය (Trailer)

Thursday, December 4, 2014

සත්තමයි සර්... මහින්ද මහත්තයාට දැම්මේ

(සියලුම සිද්ධීන් හා පුද්ගලයන් මනංකල්පිත බව සලකන්න.)

ජනාධිපතිවරණ උණුසුම පවතින කාලේ ගොඩක් දේශපාලඥයෝ උත්සහ කරන දෙයක් තමයි පාවෙන චන්ද තමන්ට හා තමන්ගේ පක්ෂයට ලබාගැනීමට. මොකද පාවෙන චන්ද කියන්නේ පවුල් පසුබ්මින් හෝ වෙනත් ආකාරයකින් එක් පක්ෂයක් සඳහාම චන්දය පාවිච්චි නොකර රටේ පවතින වාතාවරණය අනුව භාවිතා කරන චන්දයි. ඉතින් මේ පාවෙන චන්ද ඉතාමත් තීරණාත්මකයි.

ජනාධිපතිවරණය දවසේ සිරිපාල චන්ද පොලට පිටත් උනේ කාටවත් චන්දය නොදී එන්න හිතාගෙන.. සිරිපාල කියන්නේ එදා වෙලා හම්බ කරගෙන කන නුගත් ගැමියෙක්. චන්ද පොලට යන අතරේ චන්දරේ කියල ආණ්ඩුවට කඩේ යන පුද්ගලයෙක් මුණ ගැසුනා. සිරිපාල හා චන්දරේ අතර සිද්ධ උනේ මේ වගේ කතා බහක්.

චන්දරේ - සිරිපාල උදෙන්ම චන්දේ දාන්න යනවා වගේ..?
සිරිපාල - ඔව් සර්. චන්දෙ දාල හරමානිස් මාමගේ කුඹුර මඩවන්න යන්න ඕනේ..
චන්දරේ - කාටද මේ පාර චන්දෙ දාන්නේ?
සිරිපාල - කාට දුන්නත් අපට වැඩක් නැහැ සර්, ඒක නිසා කාටවත් දෙන්නේ නැහැ..
චන්දරේ - අයියෝ සිරිපාල හරි අපරාදයක් නේ. අපේ ජනාධිපතිතුමන්ට චන්දේ දෙන්නකෝ..
සිරිපාල - මට වැඩක් වෙන්නේ නැහැ නේ..
චන්දරේ - හරි උඹ මහින්ද මහත්තයාට චන්දෙ දාපන් මම උඹට රුපියල් 1000ක් දෙන්නම්. උඹ දාල ඇවිත් මාව හම්බවෙයනන්. හැබැයි බොරු නම් කරන්න හදන්න එපා මාත් එක්ක.
සිරිපාල - අනේ සර්, 1000ක් දෙනවානම් අනිවාර්යයෙන් මම මහින්ද මහත්තයාට චන්දේ දෙන්නම්.
චන්දරේ - හරි දාල වරෙන්කො මාව හම්බවෙන්න..


(සිරිපාල චන්ද පොලට යයි)

පැයකට පසු...චන්දරේ හමු වන්න යයි..

චන්දරේ - සිරිපාල වැඩේ හරිද?
සිරිපාට - හරි සර් මහින්ද මහත්තයාට චන්දෙ ගැහුවා.
චන්දරේ - මට උඹව විශ්වාස නැහැ.. 

සිරිපාල - සත්තමයි සර්... මහින්ද මහත්තයාට දැම්මේ..
චන්දරේ - උඹ කොහොමද ඔප්පු කරන්නේ..

(සාක්කුවට අත දමා කොලයක් එලියට ගන්නා ගමින්...)
සිරිපාල - මම හිතුවා සර් ඔහොම කියයි කියලා. මෙන්න බලන්න සර්...  මම මහින්ද මහත්තයාව තමයි ලකුණු කලේ.
චන්දරේට හිනාවෙන්නද අඬන්නද කියා හිතා ගත නොහැකි විය

Wednesday, December 3, 2014

කොත්මලේ ජලාශය යට සැඟවුණු අපගේ ඉතිහාසය

වියළි සුළං රොද අප ගතෙහි දැවටුනේ පවතින ඉඩෝරයේ සලකුණු පෙන්නුම් කරමිනි.  සියලුම ප්‍රධාන ජලාශ සිඳී ගොසිනි. ස්වාභාව ධර්මය ඔච්චමට මෙන් පොලව විටින්  විට තෙත් කරමින්  මිනිසුන්ගේ සිතේ බලාපොරොත්තු ඇතිකරනමුත්, වරුසාවක පෙරනිමිත්තක් පෙනෙන්නට නැත. මෙවන් අවදියකදී අප බලාපොරොත්තුවෙන්  සිටි පුවතක් දැනගැනීමට ලැබුණි. එනම් කොත්මලේ ජලාශයේ සැගව  තිබෙන  නටබුන් මතුවී ඇත යන්නයි. මීට  කලින් කොත්මලේ ජලාශය නරඹා තිබුනද නටඹුන් නැරඹීමේ අවස්ථාක් නොලැබුනි.


ලංකාවේ එකම භූගත ජල විදුලි බලාගාරය  වන කොත්මලේ විදුලි බලාගාරය  නරඹා ඔබ සතුටු වුවද මෙම ව්‍යාපෘතිය නිසා සිය මුතුන් මිත්තන්ගෙන් උරුම වූ වටිනා ඉඩ කඩම්, දහදිය  මහන්සියෙන් තනාගත් ගෙවල් දොරවල්, වගා බිම් ජාතියේ උන්නතිය වෙනුවෙන් පූජා  කල වැසියන් ගැන ඔබ කවද හෝ සිතුවාද? තවද ග්‍රාම සේවා වසම් 16 ක්, ගම් 66 ක්, තේවතු 4 ක්, කඩදොර ශ්‍රී  ප්‍රියබිම්බාරමය, මොරපේ බෝධි මාලකාරාමය, මොරපේ සුභද්‍රාරමය, හැදුණුවැව  මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්කාරාමය, නවන්ගම අබිනවාරාමය සහ තිස්පනේ  ශ්‍රී සුබ්ද්‍රාරාමය වැනි පෞරාණික පන්සල් 18 ක් ද, මොරපේ දේවාලය සහ  හැදුණුවැව මැදගොඩ පත්තිනි දේවාලය යන හාස්කම් ඇති දේවාලයන්ද මහා කොත්මලේ  ජලකඳ යට සැඟව ඇති බව ඔබ නොදන්නවා විය හැක.

කොත්මලේ ජල කඳට යටවූ පෞරාණික සිද්ධස්ථානවල භාරකාර ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීම පරිදි  මහවැලි  කඩිනම් ව්‍යාපෘතියේ නිර්මාතෘ දිවංගත ගාමිණී දිසානායක ශ්‍රීමතාණන්ගේ උදාර පරිකල්පනාව අනුව කොත්මලේ ජලාශය නිසා සැඟවුණු  පූජා ස්ථාන සිහිපත් කරනු  පිණිස මහවැලි මහා සෑය 1983 මාර්තු 20 දා අරඹන ලදී.

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත වැටීමත් සමග කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමයේ  බුදුගෙය නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. වසරේ වැඩි කාලයක් ජල කඳ යට  සැඟවී තිබුනද මෙහි ඇති ගාම්භීරත්වය අතීතයේ මෙන්ම වර්තමානයේ ද දැක ගත  හැකිවීම පුදුමය දනවන කාරණයකි.

කොත්මලේ ජලාශයේ ඉවුර  දිගේ පල්ලමක් බැස කන්දක් නැගීමෙන් පසු කඩදොර ශ්‍රී ප්‍රතිබිම්බරාමයේ බුදුගෙය අපහට දර්ශනය වුණා. හැමතැන නටඹුන් වූ ගොඩනැගිලි දැකගත හැකි වුනත් බුදුගෙය බිඳක්වත් විනාශ වී තිබුනේ නැහැ. ලොවේ සියලු දෑ අනියත බව පසක් කරමින් වුවද ජල කඳට සැගවී සිට ශාන්ත සිනහවකින් මුව සරසා සිටින බුදු පිළිම වහන්සේ තෙජමානව වැඩ සිටිය හැටි අපූරුයි. මම ජීවිතයේ දැකල තියෙන ලස්සනම බුදුපිළිමය කිව්වොත් එය නිවැරදියි.

බුදු පිළිම වහන්සේ දැකීමෙන් අපේ සිත් සතන් නිවී සැනසුනද එම සතුට එක වරම නැතිවුනේ තිරිසන් මිනිසුන් විසින් නිදන් සෙවීම සඳහා බුදුපිළිමය යකඩයකින් හාරලා තිබුන බව දර්ශනය වීමෙන්. අනේ මෙහෙමත් මිනිසුන් සිටින රටක්! මෙතරම් වටිනා පෞරාණික සම්පතක් වෙත නිදන් හොරුන්ගේ බැල්ම වැටී තිබීම ශෝකජනක තත්වයක් නිසා ජල කඳට යටව තිබියදී එයට ලැබෙන ආරක්ෂාව වැඩි බව  අපට සිතුනා.

ඡායාරූප හා සටහන : දිනේෂ් ඩෙකර්

Tuesday, December 2, 2014

විධායක ජනාධිපතවරයා වන්නේ කවුද?

මේ දවස් වල රටේ වැඩියෙන්ම කතාවෙන මාතෘකාවක් තමයි විධායක ජනාධිපතික්‍රමය. නමුත් අපරටේ බොහොමයක් දෙනා හට මේ ගැන අවබෝධයක් නැහැ. මොකද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසිම දැනුමක් රටවැසියා තුල නැහැ.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ හරිම සරල ලියවිල්ලක් ඕනෑම කෙනෙකුට තේරෙන භාෂාවෙන් ලියලා තියෙන්නේ.

අද මම තීරණය කළා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII වැනි පරිච්චේදය ඔබ වෙත ගෙන හැර දක්වන්න.. 
















Monday, December 1, 2014

ශ්‍රී ලංකාවේ දේශපාලනය කාටුන් ශිල්පයින්ගේ ඇසින්...

ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉතාමත් දක්ෂ කාටුන් ශිල්පීන් සිටිනවා. ඔවුන් තම පෑන් තුඩින් සිත්තම් කරනා කාටුන් මගින් බොහෝ විට ඉතාමත් හරබර පණිවුඩයන් ගෙන එනවා. අපිට හිතන්න දේකුත් ඉතුරු කරනවා...
(උපුටා ගැනීම : www.dailymirror.lk )