මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Sunday, November 30, 2014

බරක් ඔබාමා ජනපති කරමු, යුතුකම් ඉටුකරමු..

ඊයේ රෑ මම හීනයක් දැක්කා... උඩ ගිහින් ඇහැරුනේ ජයවේවා කියාගෙන..

2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ලෝක ත්‍රස්තවාදයේ කුරිරු කම සටහන් කරන දවසක් වුනා. අල්කයිඩා ත්‍රස්ත සංවිධානය විසින් 2,996 දෙනෙකු හට ජීවිත අහිමි කල අතර 6000+ වඩා තුවාලකරුවන් බවට පත් කළා. දහස් ගණනක් හට තමාගේ ආදරණීයන් අහිමි කළා. ඉන්පසු මේ ත්‍රස්ත සංවිධානය පරාජය කිරීම සඳහා යුද්ධය ඇරඹුනා. නමුත් 2011 දී අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ ලොවටම පිළිලයක් වූ අංක එකේ ත්‍රස්තවාදී නායක ඔසාමා බින් ලාඩින් මරා දමනු ලැබුවා.

බරක් ඔබාමා ඔබගේ වටිනා චන්දය ඔහු වෙනුවෙන් ඉල්ලා සිටිනවා. ඔහු විසින් ඔහුගේ චන්ද සටන වෙනුවෙන් ඉදිරිපත් ප්‍රධාන කරුණු කිහිපයක් ඔබ හමුවේ ගෙන හැර දක්වනවා..


* ලොව අංක එකේ ත්‍රස්තවාදියා පරාජය කල නායකයා වෙනුවෙන් යුතුකම් ඉටුකරමු...
* මෙවැනි ත්‍රස්ත ප්‍රහාර අනාගතයේ ඇමරිකාවට එල්ල වීම නතරකිරීම වෙනුවෙන් ඔබේ චන්දය ලබා දෙන්න
* ත්‍රස්ත නායකයන් හිස එසවීම නැවත්වීමට ඔබේ චන්දය ලබා දෙන්න.
* ඇමරිකාව පරාජය කිරීමේ කුමන්ත්‍රණ වැලක්වීමට ඔබේ චන්දය ලබා දෙන්න.


බරක් ඔබාමාට ජය වේවා.
ජන හද දිනු නායකයාට ජයවේවා.
අපේ වීර සෙන්පතිට ජයවෙවා..

Saturday, November 29, 2014

A picture is worth a thousand words

ශ්‍රී ලංකාව කියන්නේ සොබාදහමේ ආශ්චර්යයක්. අප රටේ  සුන්දර තැන් නැරඹීමට යන සෑම විටකම එහි සුන්දරත්වය යහපත් මනසින් රසවිඳීමට පුරුදුවන්න. මතින් ලොල්වී fun එකක් ගත්තට ඒ කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. නමුත් නිරවුල් මනසින් විඳි සොබා සුන්දරත්වය සදා මතකයේ රැඳෙනවා. එපමණක් නොව මතක පොතට ඡායාරූපයක් එක් කර ගැනීමටත් අමතක නොකරන්න. ඔබ ඒ අත්විඳි මොහොත යේ කවදාවත් නො එන නිසා.

උදාහරණයක් විදිහට ඔබ අද දකින දිය ඇල්ල හෙට එතන නොතිබෙන්න පුළුවන්.

මෙය මිනිස් ක්‍රියාකාරකම් හෝ සොබාදහමේ බලපෑම් නිසා සිදුවන්න පුළුවන්. 90% වඩා මීට හේතුවන්නේ මිනිස් ක්‍රියාකාරකම්. හැටන් - තලවාකැලේ මාර්ගයේ ගමන් කරන සංචාරයෙකුට හමුවෙන සුන්දරම ඇල්ලක් තමයි ශාන්ත ක්ලෙයාර් ඇල්ල. එහි සුන්දරත්වය වචනයෙන් විස්තර කල නොහැක; එතරම්ම සුන්දරය. මෙම දිය ඇල්ල උසින් මීටර් 80 පමණ වන අතර එය කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ‍ජෙනි‍ෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස මෙයට නම තබා ඇත.මෙය ඇතෙමෙක් ශ්‍රී ලංකාවේ පුංචි නයගරාව ලෙසද හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඇති පළලින් වැඩිම දියඇලි අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී.

විදුලිය යනු නුතන ලෝකයේ මුලික අවශ්‍යතාවයකි. නමුත් විදුලිය ලබාගැනීම උදෙසා සොබාදහම යුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම අනුමත කල නොහැකිය. ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය නිසා මෙම දිය ඇල්ල වෙත දැඩි බලපෑම් එල්ල වී ඇත. එදා ශාන්ත ක්ලෙයාර් ඇල්ලේ සුන්දරත්වය නැරඹීමට මදක් නතර කල පිරිස් අද වන විට නොනවත්වා එය පසුකර යයි.

A picture is worth a thousand words... එනම් ඡායාරූපයක වචන දහස් ගණනක් ගැබ්වී ඇත...

2011                                                  
2014





තුන්වරක් බැරිද?

ජනාධිපතිවරණයක් ළඟ ළඟම එන අතරේ දේශපාලන වේදිකාව හොල්ලපු මාතෘකාවක් උනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන්වරක් පුලුවන්ද කියන එක.. ඒ මාතෘකාව උණුසුම්ව තිබෙන අතරේ දවසක් දා දෙබස් ප්‍රබුද්ධ දේශපාලන විචාරකයන් දෙදෙනෙක් කඩයකදී මුණගැසුනා..සුවදුක් විමසීමෙන් පස්සේ දෙන්න කෙලින්ම බැස්සේ දේශපාලනයට. ඒකත් හරියට මැක්කා ගේ කතාව වගේ.. (මැක්කා ගේ කතාව දන්නේ නැත්නම් පස්සේ දවසක කියන්නම්).

සමන් - මේක හරි වැරදියි මහත්තයා මහින්ද මහත්තයාට තුන්වරක් බැහැ...!
කපිල - පිස්සුද මහත්තයා මහින්ද මහත්තයාට තුන්වරක් පුළුවන් ව්‍යවස්ථාවෙත් තියෙනවා..
සමන් - ඒක වැරදියි.. 18 වන සංශෝදනේ ගෙනත් ඒක ඕන විදිහට හදා ගත්තා නේ.. JR මහත්තයාගේ ව්‍යවස්ථාවේ එහෙම නැහැ..

(කඩේ වේටර් කොල්ලත් ඔය අතරේ යමින් එමින් ගමන් කතාවට සවන් දෙයි)

කපිල - මම එකඟ නැහැ.. රටේ ජනතාවට ඕනේ විදිහට 4වරක් 5වරක් උනත් පුළුවන් වෙන්න ඕනේ.
සමන්  - පිස්සුද... මහින්ද මහත්මයාට තුන්වරක් බැහැ ..

(කතාව උණුසුම් වේ)

කපිල - නැහැ අයිසේ... මහින්දට තුන්වරක් පුළුවන්.. මහාධිකරණයෙන් පුළුවන් කිව්වේ??

(කඩේ වේටර් කොල්ලා කෑම පිළිගන්වන ගමන්)

වේටර් කොල්ලා - සර්.. මහින්ද මහතයාට ඇත්තටම තුන්වරක් බැරිද?
සමන් - බැහැ ඕයි... බැහැ...

වේටර් කොල්ලා - අයියෝ සර් මහින්ද මහත්තයා ගණන් ෆේල් ද?
වේටර් කොල්ලා අසපු ප්‍රශ්නය නිසා ප්‍රබුද්ධ දේශපාලන විචාරකයන් දෙදෙනාගේම මුහුණු රතු උනා..

Friday, November 28, 2014

නොපෙනෙන යථාර්තය

ඩිම්බයක් හා ශුක්‍රනුවක් එකතු වී කලලයක් බවට පත් වී නව ජීවියෙක් පිළිසිඳ ගනී.. එම ජීවියා දින දෙසිය අනුවක් මව් කුස තුල තුල ක්‍රමක් ක්‍රමයෙන් වැඩී මිනිසකු ලෙස උපත ලබයි. එතැන් පටන් මරණය දක්වා නියත ගමනක් යන ඔහු / ඇය යුගයට හිමි පරමායුෂ ගෙවන්නේ නම්, ළදරු , ළමා, තරුණ, මහලු යන අවස්ථා පසුකර මරණයට පත්වෙයි. මෙම ගමනට ගතවන කාලය ජීවිතය නමින් හඳුන්වයි. බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ මේ යථාර්තයයි. ජීවිතයේ යතාර්ථය තේරුම් ගත් පුද්ගලයා හැමවිටම ජීවිතය ජය ගනී. මේ මොහොත අප ජීවිතයේ නැවත හමු නොවේ. එම නිසා අප ජීවිතයේ සෑම තප්පරයක්ම ගෞරවාන්විත භාවිතා කිරීම තුලින් අප ජීවිතය සැපදායි කරගත හැක.

Thursday, November 27, 2014

ලාක්ෂා : ශ්‍රී ලංකා හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ


නමින් 'ලාක්ෂා කර්මාන්තය' එහෙමත් නැතිනම් 'ලාකඩ කර්මාන්තය' ලෙස හඳුන්වන මෙය අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද පැවතියද වර්තමානය වන විට එම සුන්දර කර්මාන්තය ඉතිරි වී ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණක් වීම කනගාටුවට කරුණකි. එනමුදු, එම අතලොස්සක් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වී තිබීම අපට ආඩම්බරය ගෙන දෙන්නකි. 'ලාක්ෂා' යන වචනය සංස්කෘත භාෂාවෙන් පැවතෙන අතර එහි අරුත වන්නේ ලක්ෂයක් යන්නයි. ලාක්ෂා කර්මාන්තය සඳහා කෙප්පිටිය හා තෙලකිරිය යන කෘමි විශේෂ වලින් ලබා ගන්නා ලාකඩ භාවිත කරනු ලැබේ.




1630 දී දෙවන රාජසිංහ රජතුමා හට තම මාලිගයේ ජනෙල් හා දොරවල් එවකට ඉන්දියාවේ ජනප්‍රිය වී තිබු ලක්ෂා කර්මාන්තයෙන් අලංකාර කිරීමට අවශ්‍යය වූ හෙයින් රට පුරා අඬබෙරකරුවන් යැවීය.  දුෂ්කර ගමක වාසය කල පුසප්පු නම් නිර්භීත පුද්ගලයෙක් මෙම අභියෝගය භාරගෙන ශ්‍රී ලංකාවට ආවේනික කැටයම් වලින් සහ ලාක්ෂා වැඩ වලින් පරිපූර්ණව මාලිගාව ඔපවත් කරනු ලැබුවා. මෙයින් සතුටු වූ රජ ඔහු හට ගම් නියන් ගම් හා ඇතෙකු තෑගී කල බව ඉතිහාසයේ සඳහන් වනවා.  තමන් හට තෑගී කල ගම් බිම් කරා ඇදුනු පුසප්පු ගමන් කල ඇතා වැතිරුණු ස්ථානය හපිහිඩ නමින් හඳුන්වා පසුව හපුහිඩ ද යථා කාලයේ පල්ලේ හපුවිට නමින්ද හඳුන්වනු ලැබුවා. පුසප්පු ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තයේ පෙර ගමන්කරු වන අතර පල්ලේ හපුවිට ලාක්ෂා කර්මාන්තය ආරම්භක ස්ථානය ලෙස සැලකෙනවා.
 
නියපොතු වැඩ සහ පට්ටල් වැඩ ලෙස ලාක්ෂා කර්මාන්තයේ අංශ දෙකක් ඇත. මෙයින් නියපොතු වැඩ ලංකාවට ආවේණික වූ ක්‍රමවේදයකි. නමුත් පට්ටල් වැඩ සෙසු රට වලදීද හඳුනා ගත හැකිය.
ලාකඩ එහෙමත් නැත්නම් වෙළඳ පොලේ චලෙට් නමින් හඳුන්වන මෙය වර්තමානයේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබනවා. ඉන්පසු ලාකඩ දියකර වර්ණ සමග මුසුකර ලාක්ෂා කැබලි නිර්මාණය කර ගනු ලබනවා. ගිනි සපු හා  ගං සූරිය ලි වර්ග ලාක්ෂා කර්මාන්තය සඳහා යොදා ගන්නා අතර එය පළමුවෙන් කපා පොතු ගසා ලියවන පට්ටලය ආධාරයෙන් අවශ්‍ය හැඩය මතුකර ගැනීමෙන් පසු අත් යන්ත්‍රයට සවිකර කැර කැවීමෙන් ලාක්ෂා ආලේප කර ගනු ලබනවා. ඉන්පසු පන් කොලයකට පොල්තෙල් ආලේප කර පිරි මැදීමකින් භාණ්ඩයේ ඔපවත් බව වැඩි කර අවසානයේ කටුවක් ආධාරයෙන් ශ්‍රී ලංකාවට අවේණික කැටයම් වලින් සුන්දර වන මෙය වෙළඳ පොලට පැමිණෙනවා. ලාක්ෂා ආලේප කිරීමෙන් සුන්දර වූ සේසත්, හැරමිටි, බට නලා, අළු බඳුන්, ආබරණ මංජුසා හා තවත් බොහෝ දේ ඔබට මිලදී ගන්න පුළුවන්.

වර්තමානය වන විට මෙම සුන්දර කර්මාන්තය මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේ හපුවිට, ලැලීඅඹේ හා යාබද තවත් ගම් කිහිපයක පමණක් පැවතෙන අතර ලාක්ෂා කර්මාන්තයේ තවත් අංගයක් වන බීරළු වැඩ තංගල්ල ආශ්‍රිත අඟලමදුව ගම් පියසේ තවමත් දක්නට ලැබෙනවා.
අමුද්‍රව්‍ය මිල අධිකවීම, පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම, කර්මාන්තය පුහුණු කරන ස්ථාන නොමැති වීම, පරම්පරාවෙන් පරම්පරාවට ලාක්ෂා කර්මාන්තය විකාශනය නොවීම නිසා අවුරුදු 400 ක් පමණ පැවතුනු ලාක්ෂා කර්මාන්තය පරිහානියට ලක්වීමට අපේ දේ අගයන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස කනගාටුවීමට කරුණකි. 
 

Wednesday, November 26, 2014

මලගිය ඇත්තෝ සාක්ෂි දෙති...

මේ කතාවට පාදක වන්නේ නඩුවක්. එනම් සත්‍ය සිදුවීමක්.

එක්තරා ගමක සිදුවුණ මිනීමැරුමක් ගැන සැකකාරයෙක් අත්අඩංගුවට පත්වෙනවා. මෙහි ඇති විශේෂත්වය ඇසින් දුටු සාක්ෂිකාරයන් පහක් මේ පුද්ගලයා චුදිතයා කියා ඔප්පු කරන්න සාක්ෂි දෙන්න සුදානම්...

කොහොමින් කොහොම හරි නඩුව ඇරඹෙනවා. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සැකකරුවා සාක්ෂි කාරයන් පස් දෙනා විසින් හඳුනා ගන්නවා. නඩු වාර කිහිපයකදී එකින් එක සාක්ෂි විමසා බලනවා.එලෙසම  විත්තිකරුගේ පාර්ශවයේ නීතිඥ අසන හරස් ප්‍රශ්න වලටත් ඇසින් දුටු සාක්ෂි කාරයන් නොබියව පිළිතුරු දෙනවා.

කෙටියෙන්ම කියතොත් මේ අවස්තාව වන විටත් නඩුව විත්තිකරු පරාදයි.
විනිසුරුවරයා විසින් තීන්දුව දීමට දිනය නියම කරන අතරේ විත්තිකරුගේ පාර්ශවයේ නීතිඥ බාධා කරනවා.

නීතිඥ -  ස්වාමිනි , මේ නඩුවේ තවත් එක් ප්‍රබල සාක්ෂියක් ඊළඟ සතියේ උසාවියට මම ගෙන එනවා.
විනිසුරු - ඔබ විත්තියේ සාක්‍ෂි විභාග කර අවසානයි නේද? සාක්ෂිකාරයා ගැන පැහැදිලි කිරීමක් කරන්න?

නීතිඥ - මම මේ නඩුවේ මැරුණා යයි ප්‍රකාශ කරන පුද්ගලයාව එන සතියේ සාක්ෂි කුඩුවට ගේනවා.


(සභාවේ කතා මදකට නවතී...සියලු දෙනා මුණට මුණ බලමින්...)

විනිසුරු - හරි, ඔබට තවත් එක් අවස්තාවක් ලබාදෙනවා. අදාළ දිනයේ සාක්ෂිකරු ගෙන ඒමට නොහැකි වුනොත් තීන්දුව ලබාදෙනවා.
 

නඩු දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සභාව විසිර යයි.

නියමිත දිනයේදී සභාව රැස්වන අතර සියලුම දෙනා නොයිවසිල්ලෙන් බලා හිඳී...
විනිසුරු - විත්තියේ සාක්ෂිකරු උසාවියට ඉදිරිපත් කරන්න...

 (විත්තිකරුගේ පාර්ශවයේ නීතිඥ ඔරලෝසුව බලමින්...)


නීතිඥ - සවාමිනි, සාක්ෂිකරු ටිකක් ප්‍රමාද වනවා. තව ටික වෙලාවකින් (උසාවියේ දොර පෙන්නමින්) අර දොරෙන් සාක්ෂිකරු එහෙමත් නැත්නම් මියගියා කියලා ප්‍රකාශ කරන පුද්ගලයා මේ උසාවියට පැමිණෙනවා.


සියලුම දෙනා උසාවියේ දොර දෙස බලමින් සිටි..
විනාඩි 10කට පසු..

විනිසුරු - විත්තියේ සාක්ෂිකරු එන්නේ නැති බවක් පේන නිසා තීන්දුව ලබා දෙන්න ජුරි සභාවට කල් ලබා දෙන්න වෙනවා. මේ ගැන මොනවාද කියන්න තිබෙන්නේ?

නීතිඥ - සමාවන්න ස්වාමිනි, සාක්ෂිකරු එන්නේ නැහැ. මොකද සාක්ෂිකරු ලෙස මියගිය පුද්ගලයා ගෙන එන බව ප්‍රකාශ කලේ කරුණක් ඔප්පු කිරීමට.

තව ටික වෙලාවකින් උසාවියේ දොරෙන් එනවා කීවාම මෙම පුද්ගලයා මියගිය බව දුටු සාක්ෂිකාරයන් දොර දිහා බලන් හිටියා. එකෙන් කියන්නේ කුමක්ද?
ඔවුන්ට මෙම පුද්ගලයා මියගිය බවට විශ්වාසයක් නැහැ. එවැනි සාක්ෂි කරුවන්ගේ සාක්ෂි මේ උතුම් අධිකරණය නොමග යවනවා ස්වාමිනි...

විනිසුරු - තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා ජුරියට ඉඩ ලබාදෙනවා.

ජුරි සභික - මෙම නඩුව ඉතාමත් සරල නඩුවක් වුවත් අවසානයේදී  විත්තිකරුගේ පාර්ශවයේ නීතිඥ හුවා දැක්වූ කරුණ නිසා ඇසින් දුටු සාක්ෂියේ විශ්වාසය බිඳ හෙලුනා. නමුත් මෙම නඩුවේ තීරණය සඳහා බලපෑවේ විත්තිකරුගේ ක්‍රියා කලාපයයි.

( හැමදෙනාම සාවදානව ඇහුන්කන් දෙමින්...)

ජුරි සභික - තව ටික වෙලාවකින් උසාවියේ දොරෙන් එනවා කීවාම මෙම පුද්ගලයා මියගිය බව දුටු සාක්ෂිකාරයන් දොර දිහා බලන් හිටියා. එක ඇත්ත.. 
නමුත් ජුරිය නිරීක්ෂණය කලේ විත්තිකරු දොර දිහා බලන් උන්නේ නැති බවයි. ඒ කියන්නේ ඔහුට 100% විශ්වාසයි තමන් පුද්ගලයා මැරූ බවට සහ එම පුද්ගලයා යලි නොඑන බවට.

විත්තිකරු මෙම මරණයට වගකියයුතු බව ජුරිය පිලිගන්නවා....




Tuesday, November 25, 2014

අපිත් යක්කු තමයි ඕයි...

ජනාධිපතිවරණය ගැන කතා කරන මේ වකවානුවේදී ඉතාමත් වැදගත් අතීත අවර්ජනයන් සිදු වෙනවා.
ඒ අතරේ 2005 වසරේදී ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කල "ගරිල්ලා මාර්කටිං" චිත්‍රපටය නිරතුරුව මතකයට නැගෙනවා.

ඔබත් ඔබගේ මනස සුද්ද කරගෙන නිරවුල් මනසකින් පහත video එක නරඹන මෙන් ආරාධනා කරනවා.




Monday, November 24, 2014

වල්ල පට්ටා


වල්ල පට්ටා
(සත්‍ය සිදුවීමකි, සත්‍ය නම් භාවිතා කර නැත)

මේ කතාව වුනේ ලංකාගමින් සිංහරාජේ ගිය දවසක.
ලංකා ගම කියන්නේ දිය ඇලි බහුල සිංහරාජේ අසබඩ තියෙන සුන්දර ගම්මානයක්.පහුගිය කාලේ වල්ල පට්ටා(ඉතා වටිනා ශාකයක්) ජාවාරම සිංහරාජේ ආශ්‍රිතවත් ක්‍රියාත්මක උනා.

කොහොමින් කොහොම හරි අපි කට්ටිය සිංහරාජේ ඇතුලේ යන කොට ඔය ගහ ගැනත් කතා කරමින් තමා ගියේ. හැබැයි අපේ guide ටිකක් විතර ඈතින් ගියේ. මිනිහට ඔය ගැන වගක් ඇහුනේ නැහැ.

මෙන්න එක පාරටම අපේ චමත් මහා හයියෙන් කෑ ගහනවා...
"අයියේ!!! වල්ල පට්ටද???" කියලා

අපේ guide එක පාරටම බැලුවේ කොහෙද කියලා හිතා ගන්න පුළුවන් නේ... 
එහෙම බලලා නැහැ කීවාම අපේ චමත්ගේ මුණ රතු උනා...