මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Wednesday, November 26, 2014

මලගිය ඇත්තෝ සාක්ෂි දෙති...

මේ කතාවට පාදක වන්නේ නඩුවක්. එනම් සත්‍ය සිදුවීමක්.

එක්තරා ගමක සිදුවුණ මිනීමැරුමක් ගැන සැකකාරයෙක් අත්අඩංගුවට පත්වෙනවා. මෙහි ඇති විශේෂත්වය ඇසින් දුටු සාක්ෂිකාරයන් පහක් මේ පුද්ගලයා චුදිතයා කියා ඔප්පු කරන්න සාක්ෂි දෙන්න සුදානම්...

කොහොමින් කොහොම හරි නඩුව ඇරඹෙනවා. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සැකකරුවා සාක්ෂි කාරයන් පස් දෙනා විසින් හඳුනා ගන්නවා. නඩු වාර කිහිපයකදී එකින් එක සාක්ෂි විමසා බලනවා.එලෙසම  විත්තිකරුගේ පාර්ශවයේ නීතිඥ අසන හරස් ප්‍රශ්න වලටත් ඇසින් දුටු සාක්ෂි කාරයන් නොබියව පිළිතුරු දෙනවා.

කෙටියෙන්ම කියතොත් මේ අවස්තාව වන විටත් නඩුව විත්තිකරු පරාදයි.
විනිසුරුවරයා විසින් තීන්දුව දීමට දිනය නියම කරන අතරේ විත්තිකරුගේ පාර්ශවයේ නීතිඥ බාධා කරනවා.

නීතිඥ -  ස්වාමිනි , මේ නඩුවේ තවත් එක් ප්‍රබල සාක්ෂියක් ඊළඟ සතියේ උසාවියට මම ගෙන එනවා.
විනිසුරු - ඔබ විත්තියේ සාක්‍ෂි විභාග කර අවසානයි නේද? සාක්ෂිකාරයා ගැන පැහැදිලි කිරීමක් කරන්න?

නීතිඥ - මම මේ නඩුවේ මැරුණා යයි ප්‍රකාශ කරන පුද්ගලයාව එන සතියේ සාක්ෂි කුඩුවට ගේනවා.


(සභාවේ කතා මදකට නවතී...සියලු දෙනා මුණට මුණ බලමින්...)

විනිසුරු - හරි, ඔබට තවත් එක් අවස්තාවක් ලබාදෙනවා. අදාළ දිනයේ සාක්ෂිකරු ගෙන ඒමට නොහැකි වුනොත් තීන්දුව ලබාදෙනවා.
 

නඩු දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සභාව විසිර යයි.

නියමිත දිනයේදී සභාව රැස්වන අතර සියලුම දෙනා නොයිවසිල්ලෙන් බලා හිඳී...
විනිසුරු - විත්තියේ සාක්ෂිකරු උසාවියට ඉදිරිපත් කරන්න...

 (විත්තිකරුගේ පාර්ශවයේ නීතිඥ ඔරලෝසුව බලමින්...)


නීතිඥ - සවාමිනි, සාක්ෂිකරු ටිකක් ප්‍රමාද වනවා. තව ටික වෙලාවකින් (උසාවියේ දොර පෙන්නමින්) අර දොරෙන් සාක්ෂිකරු එහෙමත් නැත්නම් මියගියා කියලා ප්‍රකාශ කරන පුද්ගලයා මේ උසාවියට පැමිණෙනවා.


සියලුම දෙනා උසාවියේ දොර දෙස බලමින් සිටි..
විනාඩි 10කට පසු..

විනිසුරු - විත්තියේ සාක්ෂිකරු එන්නේ නැති බවක් පේන නිසා තීන්දුව ලබා දෙන්න ජුරි සභාවට කල් ලබා දෙන්න වෙනවා. මේ ගැන මොනවාද කියන්න තිබෙන්නේ?

නීතිඥ - සමාවන්න ස්වාමිනි, සාක්ෂිකරු එන්නේ නැහැ. මොකද සාක්ෂිකරු ලෙස මියගිය පුද්ගලයා ගෙන එන බව ප්‍රකාශ කලේ කරුණක් ඔප්පු කිරීමට.

තව ටික වෙලාවකින් උසාවියේ දොරෙන් එනවා කීවාම මෙම පුද්ගලයා මියගිය බව දුටු සාක්ෂිකාරයන් දොර දිහා බලන් හිටියා. එකෙන් කියන්නේ කුමක්ද?
ඔවුන්ට මෙම පුද්ගලයා මියගිය බවට විශ්වාසයක් නැහැ. එවැනි සාක්ෂි කරුවන්ගේ සාක්ෂි මේ උතුම් අධිකරණය නොමග යවනවා ස්වාමිනි...

විනිසුරු - තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා ජුරියට ඉඩ ලබාදෙනවා.

ජුරි සභික - මෙම නඩුව ඉතාමත් සරල නඩුවක් වුවත් අවසානයේදී  විත්තිකරුගේ පාර්ශවයේ නීතිඥ හුවා දැක්වූ කරුණ නිසා ඇසින් දුටු සාක්ෂියේ විශ්වාසය බිඳ හෙලුනා. නමුත් මෙම නඩුවේ තීරණය සඳහා බලපෑවේ විත්තිකරුගේ ක්‍රියා කලාපයයි.

( හැමදෙනාම සාවදානව ඇහුන්කන් දෙමින්...)

ජුරි සභික - තව ටික වෙලාවකින් උසාවියේ දොරෙන් එනවා කීවාම මෙම පුද්ගලයා මියගිය බව දුටු සාක්ෂිකාරයන් දොර දිහා බලන් හිටියා. එක ඇත්ත.. 
නමුත් ජුරිය නිරීක්ෂණය කලේ විත්තිකරු දොර දිහා බලන් උන්නේ නැති බවයි. ඒ කියන්නේ ඔහුට 100% විශ්වාසයි තමන් පුද්ගලයා මැරූ බවට සහ එම පුද්ගලයා යලි නොඑන බවට.

විත්තිකරු මෙම මරණයට වගකියයුතු බව ජුරිය පිලිගන්නවා....




1 comment: