මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Friday, December 5, 2014

ඔබේ දෛවය වෙනස් කල හැකිද?

දෛවය පිලිබඳ අපුරු කතා පුවතක් රැගත් Predestination චිත්‍රපටය නැරඹීමේ භාග්‍යය ඊයේ මට උදා උනා. මේ චිත්‍රපටය Robert A. Heinlein ගේ කෙටිකතාවක් වන "—All You Zombies—" තුලින් නිර්මාණය වුවක්. මෙම චිත්‍රපටය ඔස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වන අතර Michael Spierig හා Peter Spierig නමැති නිවුන් සොයුරන් විසින් නිර්මාණය කර තිබෙනවා. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ ප්‍රසිද්ධ නළුවකු වන Ethan Hawke හා Sarah Snook යන නිළියයි.

All You Zombies කෙටි කතාව කියවීමට අවශ්‍ය නම් පහත ලින්කුව වෙත පිවිසෙන්න
All You Zombies - කෙටිකතාව කියවන්න

ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය ඉතාමත් සංකීර්ණයි. බොහෝ දෙනෙකුට නොතෙරෙන්නත් පුළුවන්. සමහරක් හට මේ වෙන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරි වෙයි. ඉතාමත් නිරවුල් මනසකින් බැලිය යුතු චිත්‍රපටයක් වන අතරම අවධානයෙන් බැලිය යුත්තක් වනවා.

මෙහි කතා වස්තුව ගෙතෙන්නෙ BAR එකක වැඩකරන පුද්ගලයෙකු හා ඔහුට මුන ගැසෙන අවුරුදු විසිපහක් වයසැති පුද්ගලයෙක් අතර ඇතිවෙන කතාබහකින්. මෙම චිත්‍රපටය time travel සංකල්පය තුලින් නිර්මාණය වූවක් උවද time traveling සංකල්පය නව මානයක් කරා ගෙන ඒමට මෙම කතාව සමත්වනවා. සිද්ධි හා කාලය අතර ඇති සම්බන්ධය හා අපට අපේ දෛවය වෙනස් කල හැකිද යන්නට පිළිතුරු සැපයීමට මෙම නිර්මාණය සමත් වී තිබෙනවා. මෙහි කතාව අවසන් වන තුරුම සිදු වන්නේ කුමක්දැයි වටහා ගැනීමට අපහසුයි. එතරම් සංකීර්ණයි. නමුත් ආකර්ශනීයයි. මම මෙම චිත්‍රපටයේ කතාව ඔබවෙත ගෙනහැර නොදක්වන්නේ එමගින් ඔබට අසාධාරණයක් සිදුවන නිසා.

ඔබටත් මෙම චිත්‍රපටය බලන්න කියා ආරාධනා කරනවා. මතකයේ රැඳෙන කතාපුවතක් වෙන බව නම් විශ්වාසයි.

(මෙය නරඹන්න ආරාධනා කල දර්ශන සහෝදරයාට ස්තුතිය පුදකරනවා.)




Predestination චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය (Trailer)

3 comments:

  1. Great article. Thanks for the compliment. Keep it up. !!!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Good Article diga, check this link also
    https://www.youtube.com/watch?v=K942zo_QTkI

    ReplyDelete