මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Tuesday, September 22, 2015

ඉන්දියාවේ අධ්‍යාපනය කොයිබටද?

දෙමවුපියන් තම දරුවන් ලොකු මහත් කරලා හොඳින් අධ්‍යාපනය ලබා දීල බලාපොරොත්තු වන්නේ හොඳ රැකියාවක්. උපාධියක් ගත් පුද්ගලයන් බහුල උනත් ශාස්ත්‍රපති උපාධියක් ලබාගන්න සමත් වන්නේ ඉතාමත් සුලු පිරිසක්, එයිනුත් අල්ප මාත්‍රයක් තමයි ආචාර්ය උපාධිය ලබා ගන්න සමත් වන්නේ.  සමාජයේ ආචාර්ය උපාධියක් ලබා ගත් කෙනෙකු හඳුන්වන්නේ ආචාර්ය එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් Dr කියන ගරු නම්බු නාමය දීලා.

ඉන්දියාවේ පුවත්පතක පලවූ පුදුම සහගත වාර්තාවක් දුටුවාම ඉන්දියාවේ අධ්‍යාපනය ගැන පුදුමත්  හිතුනා. 2015 සැප්තැම්බර් 17 වැනිදා Indian Express පුවත්පතට අනුව උත්තර ප්‍රදේශයේ රජයේ පුරප්පාඩු වී ඇති Peon (කාර්යාල කාර්ය සහායක) තනතුරු 368කට ලක්ෂ 23ක් අයදුම් කර ඇති අතර ඉන් 250ක් ආචාර්ය (PhD) උපාධිය ලබාගෙන ඇති අතර අනිකුත් බොහොමයක් උපාධියක් දක්වා ඉගෙන ගත් පුද්ගලයන්. නමුත් මෙහි දුක්මුසු කරුණ නම් Peon (කාර්යාල කාර්ය සහායක) තනතුර සඳහා සුදුසුකම් ලෙස ඉල්ලා ඇත්තේ පහ ශ්‍රේණිය සමත් හා බයිසිකලයක් පැදවීම යන කරුණු දෙකයි.


No comments:

Post a Comment