මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Monday, October 12, 2015

රස කතා - 1


දවසක් මිනිහෙක් බයික් එකේ එනකොට මිනිහගේ යාලුවෙකුත් දාගෙන ගලහ හන්දිය පැත්තට එනකොට මිනිහගේ යාලුවෙකුත් නැගලා උවත් ගලහ හන්දියෙන් දාගෙන යන්ඩ කියල.. මේ කියන අයියට හෙල්මට් එකක් තිබුණා එත් අනිත් මෑන්ට නෑ. වහින්ඩ වගේ තිබුන නිසා දෙන්න පාගල ඇවිත්.කොහොම හරි ඩබල ගලහ හන්දියට කිට්ටු කරලා එනකොට ඉන්නවලු දෙයියනේ කියලා ට්‍රැෆික් පොලිස් .. දෙන්නව දැකලා දැම්මලු පාර මැද්දට පැනල අත.. අයෙත් හරවන්ඩත් බෑ නවත්තලා අනිත් මෑන්ව බස්සන්නත් බැලූ.. කොරන්ඩ දෙයක් නෑ නැවත්තුවලු බයික් එක..එතන ඉදන් දෙබස උනේ මෙහෙම
පොලිසිය: කොහෙද මේ හදිස්සියේ යන්නේ..
අපේ මෑන්: සර් ගෙදර යනවා කැම්පස් ඉවර වෙලා..
පොලිසිය: මොකද ඔච්චර හදිසීයේ..
අපේ මෑන්: සර් වහින්ඩ වගේ හින්ද ටිකක් වේගෙන් අවා සර්..
පොලිසිය:වාහනයක් පාරට දානකොට නීතියක් කියල එකක් තියනවා දන්නවනේ..
අපේ මෑන්:ඔව් සර්
පොලිසිය:එහෙනම් කොයි අයිසේ හෙල්මට්
අපේ මෑන්: (හෙල්මට් එක පෙන්නලා)මේ තියෙන්නේ සර්
පොලිසිය: තමුසෙගෙ නෙවේ පිටිපස්සේ එකාගේ..
අපේ මෑන්: (අනිත් ඩයල් එක දිහා බලලා ) අම්මටසිරි මචං උබත් නැග්ගද ..?

කන්තෝරුවෙ වෑඩ නිමවී ඉතා කුසගිනිවී ගෙදරට පෑමිණි තරුණ ස්වාමියා දුටුවේ තම රුවෑති බිරිද මෙගා ටෙලිනාට්යක් බලමින් සිටින ආකාරයයි....

සෑමියා :- මට හරිම බඩගිනි....මොනවද කන්න හදලා තියෙන්නෙ??

බිරිද. :- අනේ තාම මුකුත් හෑදුවෙ නෑහෑ.මම හිතුවෙ ඔයා තව රෑවෙයි කියලා...

සෑමියා :- බලනවා.... මේක හෑමදාම අහන බනේනෙ....මම ඉවසුවා හොදටම ඈති.මම අදනම් යනවා හෝටලේකින් කන්න..

බිරිද :- කේන්ති ගන්න එපා අනේ.... මට විනාඩි පහක් දෙන්න...

සෑමියා :- විනාඩි පහක්??... ඈයි විනාඩි පහෙන් දෑන් මට උයලා දෙන්න පුලුවන්ද??

බිරිද :- ඔයාට පිස්සුද?විනාඩි පහෙන් කොහොම උයන්නද?මට විනාඩි පහක් දෙන්න කිවුවෙ ඔයත් එක්ක හොටලේට කෑමට යන්න ලෑස්තිවෙලා එන්න..

ප්‍රශ්ණය - අපට කියන්න ඔබේ තරුණ කාලෙ ගැන

පිළිතුර - තරුණ කාලෙ මම ලේඛකයෙක්. ගොඩක් උසස් නිර්මාණ කරන්නයි මම උත්සාහ කලේ.

ප්‍රශ්ණය - ඔය 'උසස්' කියන එක ඔබ අර්ථ දක්වන්නෙ කොහොමද?

පිළිතුර - මෙහෙමයි... මේක අර්ථ දැක්වීමක්මත් නෙවෙයි. ඒ වුණාට මට ලියන්න ඕන වුණේ මුළු ලෝකෙටම අදාල, ලෝකෙම මිනිස්සුන්ට කියවන්න අවශ්‍ය දේවල්. ඒ කියන්නෙ මිනිස්සු ඇත්තටම හදවතින් සංවේදී වෙලා ප්‍රතිචාර දක්වන දේවල්. මිනිස්සුන්ට කෑ ගැස්සෙන, ඇඬෙන, වේදනාවෙන්, තරහෙන් බෙරිහන් දෙන්න සිද්ධ වෙන දේවල් තමයි මට ලියන්න ඕන කලේ...

ප්‍රශ්ණය - බොහොම හොඳයි. දැන් ඔබේ රැකියාව මොකක්ද?

පිළිතුර - මම තමයි දැන් මයික්‍රොසොෆ්ට් එකේ ERROR  මැසේජ් ලියන්නේ..

බලහත්කාරෙන්ම කැමතිකරවාගෙන ජනප්‍රිය සිනමා පටයක් බැලීමට ගිය බිරිඳ සිනමා පටය බලන අතරතුර ඔහුගේ ඇලපතට අන්නේය.

wife :බලනවකො මෙච්චර ලස්සන චිත්‍රපටියක් බලන්න අවිල්ලත් අර අපට ඉස්සරහ ඉන්න මිනිහ ගොරව ගොටරව නිදිනෙ. 
husband:ඔයා ඕකකියන්නද මාව ඇහැරෙව්වෙ?

දවසක්දා ස්වාමිපුරුෂයෙක් පාටි එකකට ගිහින් හොදටම බීලා රෑ දෙගොඩ හරි ජාමේ ගෙදර ආවා. ...ඒ ඇවිත් වෙරිමර ගාතේ ගෙදර සාලේ ලස්සනට තියල තිබ්බ මැටි බදුන් පොලවේ ගහපු මෙයා ගෙදර පුරා වමනෙ කලා.මෙයාගේ භාර්යාව මෙයාව කාමරේට ඇදගෙන ගිහිල්ලා මෙයාගේ ඇදුම් මාරු කරලා මෙයා වමනෙ කරපු තැන් සුද්ධ කරලා දැම්මා.

ස්වාමිපුරුෂයා පහුවදා උදේ නැගිට්ටාම මතක් වුනා කලින් දා රෑ පාටි එකට ගිහින් හොදටම බීලා රෑ වෙලා ගෙදර ඇවිත් පිස්සු නටපු හැටි. මෙයාට හොදටම ෂුවර් අද නම් උදේ පාන්දරම භාර්යාව ඊයෙ රෑ සිද්ධ උන දේවල වාඩුව ගන්න රණ්ඩුවක් පටන් ගන්න බව.මෙයා ඉතින් දෙවියොන්ට කිය කිය හිටියා රණ්ඩුවක් නම් ඇති වෙන්න එපා කියලා.

පොඩ්ඩක් නැගිටලා වටපිට බලනකොට මෙයා දැක්ක ලග තිබුනු මේසෙ උඩ පොඩි ලියුම් කෑල්ලක් තියෙන බව,ඉතින් මෙයා නැගිටලා ඒක ගත්තා. ලියුමේ මේ විදියට ලියලා තිබුනා

"මගේ වස්තුව,
මම ඔයාට ඔයා කැමතිම කෑම හදලා මේසෙ උඩින් තිබ්බා...මට උදේම මාර්කට් යන්න වෙනවා ඔයාට රස දවල් කෑමක් හදලා දෙන්න බඩු ගේන්න...මම ඉක්මනින් එන්නම්..
මම ඔයාට ගොඩක් ආදරෙයි.උම්ම්ම්මා..."

දැන් ස්වාමිපුරුෂයට ගොඩක් පුදුමයි. ඇයි ඉතින් කලින් දවසේ රෑ බීලා ඇවිත් පිස්සු නටපු විදියට මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.ඉතින් මෙයා පුතා ලගට ගිහින් හෙමීට ඇහුවා

"පුතාට මතකද ඊයේ රෑ මොකද උනේ කියලා"? කියලා.

"ඔව් තාත්තා හොදටම බීලා ගොඩක් රෑ වෙලා ගෙදර ආවේ
ඒ ඇවිත් ගෙදර බඩු පොලවේ ගැහුවා..හැමතැනම වමනෙත් දැම්මා
අම්මා ගොඩක් අමාරුවෙන් තාත්තව ඇදගෙන ගිහින් ඇදෙන් දැම්මේ..
එහෙම කරලා අම්මා තාත්තාගේ ඇදුමුයි සපත්තු දෙකයි ගලවනකොට තාත්තා කෑ ගහල කිව්වා

"උඹට පිස්සුද ගෑනියේ...මම කසාද බැදපු මිනිහෙක් මගේ ලගින් පලයන්..." කියලා...

ගුරුවරයා : ඇම්ඩා... මම බොහොම ලේසි ප්‍රශ්නයක් තමුසෙගෙන් අහනවා. ගහක කුරුල්ලෝ දහයක් හිටියා. දඩයක්කාරයෙක් කුරුල්ලෝ තුන් දෙනෙකුට වෙඩි තිබ්බා. දැන් ගහේ කුරුල්ලෝ කීයක්‌ ඉන්නවද?

ඇම්ඩා : එකෙක්වත් නෑ සර්.

ගුරුවරයා : මැට්ටෝ... කොහොමද එහෙම වෙන්නේ??

ඇම්ඩා : ඇයි සර් කුරුල්ලෝ වෙඩි සද්දේ ඇහුණාම තවත් එතන ලව් කර කර ඉන්නේ නෑනේ???


ඔන්න මහාචාර්ය වරයෙක් අපි ගන්න කෘතීම ආහාර ගැන දේශනයක් පැවැත් වුවලු ...

මහාචාර්ය වරයා > බලන්න මේ ලෙඩ දුක් ඔක්කොම අපිට කෘතීම රසකාරක යොදපු කෑම නිසා නේ .. දැන් අපි කෑම ජාති කන්න ඕන හරි පරිස්සමින් .... බලන්න මැගී නුඩල්ස්, ඇයි එකකට එකක් ඇලෙන්නේ නැත්තේ තැම්බුවා ම ..එ කට දානවා වැක්ස් එකක් .. ඒ වැක්ස් එක ඇග ඇතුලට ගියාම සති 3 විතර යනවා එක ආයි ඇගෙන් පිට වෙන්න ..කොච්චර අහිත කරද ඒවා ..

( මේම දේශනේ යද්දී අවසාන පුටුවල වාඩි වී සිටි පොරක් සිගරට් එකක් බිමට පටන් ගත්හ )

මහාචාර්ය වරයා මේක දැක

මහාචාර්ය වරයා > ඔය අවසාන පේළි වල ඉන්න පුතා ..ඔව් ඔයා "සිකරට් බොන්න එපා පුතා නිකටින් "

පොර > අනේ නැහැ ඩොක්ටර් මං බිව්වේ කටින් .....හී හී ..

මහාචාර්ය වරයා ට සසර කල කිරුනද ..තවත් බුද්ධි මත් පිරිසක් සිටින බැවින් කතාව දිගටම කරගෙන ගියේ ය .

මහාචාර්ය වරයා > බලන්න අපි හිතන් හිටියට සෝයා මීට් හොදයි කියලා දැන් ඔප්පු වෙලා තියනවා එකත් වහ කියලා ... එත කොට අපි බොන කිරි පිටි එහෙම් පිටින් ම රොඩ්ඩ ..එකේ කිසිම ගුණයක් නැහැ .... ඔක්කොම මේ ලෙඩ රෝග හැදෙන්නේ මේ කෘතීම කෑම නිසා හොදයි .. ඔයාලත් කියන්න බලන්න " 1පාරක් කෑවොත් දිගු කාලීනව විදවන්න වෙන කෑම ජාති ගැන ''

බලං ඉන්න පිරිසගේ කසු කුසුව අතරින් ආයිත් අර කටින් සිකරට් බොන පොර නැගිට

පොර > ඇයි ඩොක්ටර් " වෙඩින් කේක් ''.......

මේ කතාවල අයිතිය කතා නිර්මාණකරුවන් සතුය.  

Saturday, October 10, 2015

සඳ ගමන සැබෑවක් ද ?

සඳ ගමන සැබෑවක් ද ? එවැනි දෙයක් ඇත්තටම සිදු වුනා ද ? මේ දේවල් අපි සියැසින් දැක නොමැත. අපට ඇති එකම සාක්ෂිය වන්නේ ඒ සම්බන්ධව ඇති වාර්තා සහ ඡායාරූපයි. 

1969 දී ඇපලෝ 11 නමැති ඇමරිකන් රොකට්‌ටුවේ නැඟුණු නීල් ආම්ස්ට්‍රෝංග් එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස්‌ යන තිදෙනා හඳට ගිය බවත් ඒ තිදෙනාගෙන් එක්‌ අයකු හඳ වටා භ්‍රමණය වෙමින් පැවැති රොකට්‌ටුවේ සිටියදී දෙදෙනෙක්‌ (නීල් ආම්ස්‌ට්‍රොංග් සහ එඩ්වින් ඕල්ඩ්‍රින්) හඳට බැස්‌ස බව ඇමරිකාවේ NASA   ප්‍රකාශ කර සිටියද මෙය බොරුවක් බවත් ඇමරිකාවේ කුමන්ත්‍රණයක් පමණක් බවටත් බොහෝ දෙනක් මත පලකලා. 


ඉන්පසු  සඳ තරණය කිරීම සඳහා 1972 දී ඇපලෝ රොකට්‌ටුවක්‌ (ඇපලෝ 12) හඳ බලා ගිය බවත් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙක්‌ (චාල්ස්‌ කාන්ඩ්‍රඩ් හා රිචඩ් ගෝඩ්න්) හඳට බැස්‌ස අතර තුන්වැන්නා වූ ඇලන් බින් පමණක්‌ රොකට්‌ටුවේ සිටි බවත් NASA  ආයතනය ප්‍රකාශ කර සිටියා. 

මේ අවස්ථාවන් පිළිඹිඹු කරන චායාරූප කිහිපයක් නිකුත් කලත් ඒවාගේ මතභේදයට තුඩු දුන්නා. ඇතෙමෙක් ප්‍රකාශ කලේ මේවා හොලිවුඩයේ චිත්‍රාගාරයක් තුලදී බවක් ලබාගෙන ඇති බවක්.

1969 දී හඳට පළමුවෙන් අඩිය තැබූ නීල් ආම්ස්ට්‍රෝංග්  "හඳෙන් ගෙනා ගල්", හඳට ගිය රොකට්‌ටු, නීල් ආම්ස්ට්‍රෝංග් සඳ මත පය තැබූ විට ලාගෙන සිටි සපත්තුව යනාදිය ඇමරිකාවේ වොෂිංටන් ඩී. සී. අගනුවර පිහිටි මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

මේ කරුණු කෙසේ වේවා මිනිසා 1969 දී හඳට නොගිය බව කියන Conspiracy Theory කාරයන් හෙවත් විකල්ප අදහස්‌ කාරයන් දහස්‌ ගණනක්‌ ලොව පුරා වෙසෙනවා.

සඳ ගමන ගැන කොතරම් Conspiracy Theory (විකල්ප අදහස්‌) එහෙමත් නැත්නම් එය මිත්‍යාවක් පමණක් බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන විට NASA  ආයතනය ඒ සඳහා කිසිම ප්‍රතිචාරයක් හෝ සාක්ෂියක් ඉදිරිපත් කලේ නැහැ. NASA ආයතනයේ නිහඬ පිළිවෙත නිසා සඳ තරණය බොරුවක් බවට බොහෝ දෙනා විශ්වාස කරනු ලැබුවා.

1969 ජුලි 20 වනදා පටන් පැවති සැකයන් දුරු කරමින් NASA ආයතනය සඳ තරණයේ සංස්කරණය නොකරන ලද ඡායාරූප කිහිපයක් 8,400ක් ම එළිදක්වනු ලැබුවා. මේ ඡායාරූප පහත ලින්කුවෙන් බලා ගන්න පුළුවන්.














Tuesday, October 6, 2015

සීතල යුද්ධය...

ලෝකයේ කාර් නිෂ්පාදකයින් බොහොමයක් අතර තිබෙන්නේ ඉතාමත් තරඟකාරිත්වයක්. නමුත් මේ සීතල යුද්ධය සඳහා ඔවුන් භාවිතා කරන්නේ වෙළඳ ප්‍රචාරණයයි. මේ සඳහා නිර්මාණශීලි උපහාසාත්මක හා අපහාසාත්මක දැන්වීම් ඔවුන් භාවිතා කරනවා. එම සීතල යුද්ධයේ ඔබ නුදුටු පැත්ත ඔබ හා බෙදාගන්න කියල අද මම කල්පනා කළා.

BMW හා Audi යන ජර්මානු කාර් නිෂ්පාදකයින් අතර කලක සිට සීතල යුද්ධයක් පැවතියද මේ බව හොඳින් සනාථ උනේ Audi සමාගම Los Angeles නගරයේ සවිකළ දැන්වීම් පුවරුවක් නිසා.


දවස් කිහිපයක් ගතවන විට BMW සමාගම දැන්වීම් පුවරුවකින්ම මේ සඳහා පිළිතුරු සැපයුවා.

සති කිහිපයක්ම Audi සමගම විසින් මේ සඳහා පිළිතුරු දුන්නේ නැහැ. අවසානයේදී පහත පරිදි දැන්වීම් පුවරුවක් ඔවුන් විසින් සවි කළා.


මේ යුද්ධය මෙතනින් ඉවර වුනේ නැහැ. නැවතත් මෙය උණුසුම් උනේ BMW සමාගම පලකල දන්වීමකිනුයි. මෙහි විශේෂත්වය Subaru හා Bently යන සමාගම් දෙකත් මේ සඳහා ප්‍රතිචාර දැක්වීමයි.



තවත් කාර් නිෂ්පාදකයින් අතර මෙවැනි නිර්මාණශීලි උපහාසාත්මක හා අපහාසාත්මක දැන්වීම් බොහොමයක් සංසරණය උනා. ඉන් කිහිපයක් පහත දැක්වෙනවා.

මේ තරඟකාරීත්වය සඳහා නිමවූ video නිර්මාණ කිහිපයක් පහතින් නරඹන්න.







Monday, October 5, 2015

ඇම්ඩන්ගේ රස කථා - 1 වැනි කොටස


මොන්ටිසෝරියේ ඉන්න ඇම්ඩා යාලුවෙක් එක්ක හෙන වාදෙලු තාත්තලාගේ වැඩ කිඩ ගැන කියල..

යාලුවා - “ඔයා දන්නවද සූවස් ඇළ?
ඇම්ඩා - “ඔව්“
යාලුවා - “ඒක හෑරුවේ අපේ තාත්තා“
ඇම්ඩා - “ඔයා දන්නවද මළ මුහුද?“
යාලුවා - “ඔව්“
ඇම්ඩා - “ඒක මැරුවෙ අපේ තාත්තා හ්ම්...“




ඔන්න දවසක් ජපනෙකුයි,ඇමරිකන් කරයෙකුයි,ලඞකාවෙ පොරකුයි බාර් එකකට සෙට් වුනාලු පොඩි අඩියක් ගහන්න.මුන් තුන් දෙනාම ලොකු ලොකු විද්‍යාඥයො .දන්නවනෙ ඉතින් SCIENTIST ලගෙ හැටි,ගිය ගිය තැන ලොකු කථාලු.ඔන්න ඉතින් මුන් තුන්දෙනාත් ෂොට් 1 ගහල ලොකු කථාවකට එන්ටර් වුනාලු.

USA:අපි මේ ලෝකෙ ලොකුම පොලොව හාරන මැෂින් 1 හදනව,

JAPAN:අපි ජාන විද්‍යාවෙන් ලෝකෙ ලොකුම අල ගෙඩිය හදනව.හදල ඇමරිකාවෙ මැෂින් එකෙන් ඒක හාරල ගොඩට ගන්නවා.

SL පොර:අපි ලෝකෙ ලොකුම මුට්ටිය හදනවා,

USA/JAP : ???  ඒ මොකටද?

SL පොර: ඇයි උඹලා අර ලොකුම අලේ හදල ගොඩට ගත්තට පස්සෙ තම්බන්නෙ අහවල් රෙද්දෙන්ද??


ගුරුවරයා : නීමල්, කීයන්න බලන්න ආනාගතේ කවුරු වෙන්ඩද හීතා ගෙන ඉන්න? 

නීමල් : දොස්තර කෙනෙක්.. 

ගුරුවරයා : බොහොම හොදයි. එතකොට වීමල් ? 

වීමල් : ඉන්ස්පෙක්ට කෙනෙක්.. 

ගුරුවරයා : බොහොම හොදයි. කමලා කීයන්න බලන්න ගෑණු ලමයෙක් ව්දීයට ඔයා ආනාගතේ කවුරු වෙන්ඩද හීතා ගෙන ඉන්නෙ ? 

කමලා : මම නම් හොද මවක් වෙන්න තමායි කෑමති. 

ගුරුවරයා : බොහොම හොදයි. හොද මවක් බොහොම හොදයි. එතකොට අපේ ඈම්ඩන් ? 

ඈම්ඩන් : මම කමලට අම්මා කෙනෙක් වෙන්ඩ උදව් කරන්න හීතන් ඉන්නෙ.....!!!


බෙහෙත් ගන්න ආ පොඩ් ඈම්ඩන්, තව පීරීමි ලමයි කට්ටීයක් ලග ඉදගත්තා. එක ලමයෙක් කදුලු පෙරමීන් අඩනවා දුටු ඈම්ඩන් 

ඈම්ඩන් : ඈයි ඔයා අඩන්නෙ ? 

ලමයා : අපේ අම්මා මාව එක්ක ගෙන ආවා, මගේ ලේ පරීක්ශා කරන්න. දෑන් ඒගොල්ලො මගෙ ඇඟිල්ල කපලා, ලේ ගන්නවා කීව්වා.... 

ඒ ඈසු ඈම්ඩන් මහා විලාප දෙම්න් අඩන්නට පටන් ගත්තෙය. 

ලමයා : ඈයි ඔයා අඩන්නෙ ? ඔයාට දුක හීතුනද ? 

ඈම්ඩන් : නෑ... යකො!! අපේ අම්මා මාව එක්ක ගෙන ආවෙ, මගේ මුත්‍රා පරීක්ශා කරන්න !!!!!!!

සර් : ලමයි.. කීයන්න්න බලන්න අපී මෑරෙනකොට අපේ පණ යන්නෙ කොහෙන්ද කීයලා ..? 

ඈම්ඩා : ජනේලෙන් සර්.. ජනේලෙන්... 

සර් : මොකක් ? ජනේලෙන් ? ඒ කොහොමද ඈම්ඩන් එහෙම කීතන්නෙ ? 

ඈම්ඩා : නෑ, සර්.. දවසක් රෑ අපේ අක්කා කීයනවා ඈහුනා...තාත්තාලා ආවා.... ජනේලෙන් පෑනලා යන්න මගේ පණ කීයල......!!!!!

ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ඇම්ඩගෙ ටැක්සි එකකට නැංගා. 

ඇම්ඩන්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ඇම්ඩන් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද? 

ඉතින් ඇම්ඩත් ගානක් නැතිව කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"

අපේ ඇම්ඩ කොලුවගෙ තාත්තගෙ අතේ සල්ලි තිබුනට තාත්තා ගෙදර ගැන බලන්නෙ නෑලු. ඔන්න ඉතින් ගෙදර කන්නවත් මුකුත් නැති හින්දා ගෙදර හිටපු කුකුළව ඇම්ඩා අතට දීලා අම්මා කිව්වා "ඇම්ඩෝ මේ කුකුළව විකුණළා රුපියල් 500ක් අරන් වරෙන්" කියල. 

ඔන්න ඉතින් ඇම්ඩා කුකුළව අරගෙන යද්දි ලස්සන ගෑනු කෙනෙක්ව හම්බ උනා, ඒ ගෑනු කෙනා ඇම්ඩගෙන් අහුවා "මොකද පුතේ කරන්නෙ" කියල. ඇම්ඩා ඉතින් කිව්වා, කුකුළව විකුණන්න ආවා කියලා. මේ ගෑනු කෙනා ගණිකාවක්ලු. මේ ගෑනු කෙනාට ඇම්ඩට අතවරයක් කරන්න ඔනි උනාලු. ඉතින් ඒ ගෑනු කෙනා කිව්වලු. "මන් කුකුළව ගන්නන් හැබයි මාත් එක්ක ඇවිත් මන් කියන දේ කරන්න ඕනි" කියල. ඇම්ඩටත් ඔනි උනේ කොහොම හරි රුපියල් 500ක් හොයා ගන්න නිසා ඇම්ඩත් "හා" කිව්වලු. දැන් ඒ ගෑනු කෙනා ඇම්ඩට සැරටම අතවර කරනවලු මූත් ඉතින් මුකුත් නොකිය ඉන්නවලු. 

එක පාරටම දොරට කව්ද තට්ටු කරාලු. ගෑනු කෙනා ඇම්ඩව ඇද යටට දාල කිව්වලු, "සද්ද නතුව ඉන්න" කියල. ඇවිත් හිටියෙ මේ ගණිකාවගෙ සේවාදායකයෙක්ලු. ඔන්න ඉතින් සේවය සපයමින් ඉන්න කොට මේ ගෑනු කෙනාගෙ ඇත්ත මිනිහ ඇවිත් දොරට තට්ටු කරාලු. ඉතින් මේ ගෑනු කෙනා අර මිනිහවත් ඇද අස්සට දම්මලු. දැන් ඉතින් අර ගෑනු කෙනා ඇත්ත මිනිහත් එක්ක ඇද උඩ වාඩි වෙලා කතා කර කර ඉන්නවලු. මේ අතරෙ ඇම්ඩා කලුවරේ ඇද යට ඉන්න මිනිහට කියනවලු. "මන් නම් පොඩි එකා මන් කෑගහුවොත් උඹ තමා මාට්ටු වෙන්නෙ, උඹ මගේ කුකුළව 500ක් දීල ගනින් නැත්නම් මන් කෑගහනවා". කියලා. ඉතින් ඒ මිනිහටත් කරන්න දෙයක් නැති නිසා 500ක් දීලා කුකුළව ගත්තලු. 

ටික වෙලාවකින් ඇම්ඩා කියනවලු "මගේ කුකුළ ආපහු දීපන් නැත්නම් මන් උඹ මගේ කුකුලා ගත්තා කියල කෑගහනවා" කියල. දන් ඉතින් ඇම්ඩා කෑගැහුවොත් මිනිහව මාට්ටු වෙන නිසා ඒ මනුස්සයා ආපහු කුකුළව ඇම්ඩට දුන්නලු. ටික වෙලාවකින් ඇම්ඩා ආයෙත් කියනවලු. "උඹ මගේ කුකුළව 500ක් දීල ගනින් නැත්නම් මන් කෑගහනවා" කියලා. ඉතින් ඒ මිනිහටත් කරන්න දෙයක් නැති නිසා 500ක් දීල කුකුළව ආපහු ගත්තලු. ආයෙත් ඇම්ඩා කියනවලු "මගේ කුකුළ ආපහු දීපන් නැත්නම් උඹ මගේ කුකුලා ගත්තා කියල මන් කෑගහනවා" කියල. ඒ මනුස්සයා ආයෙත් කුකුළව ඇම්ඩට දුන්නලු. මූ මේ විදියට ආයෙ ආයෙ කුකුළව විකුණලා 2500ක් හොයාගෙන කුකුළවත් අරන් ගෙදර ආවලු. 

ඇම්ඩා, පහුවදා තාත්තා ආවම කිව්වලු. "තාත්තේ රුපියල් 3000ක් හදාගන්න තව 500යි මදි. තාත්තා මේ කුකුළව 500ක් දීල ගන්නවද?" කියලා. 

එතකොට තාත්තා මෙහෙම කිව්වලු. 






"උඹ මේ මගුලක් කතා කරනවා. මට යකෝ ඊයෙ රෑ එකම කුකුළා පස් පාරක් සල්ලි දීල ගන්න වුනා"!!!!

ඔන්න දවසක් ඇම්ඩන් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා. 

ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා "මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න" කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ ඇම්ඩන් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා "ආහ් අවුරැදු 3ක් පරණයි තමයි" කියලා ඒක බීල දැම්මා. 

ඊට පස්සේ "මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න" කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. ඇම්ඩන් කලින් විදියටම සුවද බලලා "අහ් මේකත් හරි" කියලා ඒ ෂොට් එකත් ගැහුවා. 

ඊට පස්සේ ඇම්ඩන් කියනවා "මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න" කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා. 

ඇම්ඩන් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට "ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්" කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා "හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්" කියල ස්ටොර් එකට ගියා බලන්න. 

ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා "මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා" එතකොට මල්ලී කියනවා "තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට" කියල වෙච්ච සීන් එක කිවුවා. 

එතකොට සුමනා" රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්" කියලා මල්ලිගෙන් වීදුරුව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට chu දාල ගෙනත් දුන්න. "මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි". ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් "මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්" කියලා දුන්නා. ඇම්ඩන් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි ........................ 

" මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ????"


ඇම්ඩාගේ නිවස මංකොල්ලකා ඇති බව ආරංචි වූ සිරියා වහා එහි දිවගියේය.
සිරියා : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"
ඇම්ඩා: "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."
සිරියා : "ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?"
ඇම්ඩා: "හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ. "


මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා ඈම්ඩා දුටු කාන්තාවක් මහත් අනුකම්පාවෙන් ඈම්ඩා ඇමතුවාය. 

"දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???" 

"මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" ඈම්ඩා පිලතුරු දුන්නා. 

"බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි. 

"බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!



මේ කතාවල අයිතිය කතා නිර්මාණකරුවන් සතුය.