මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Thursday, January 29, 2015

මහඑලිය තැන්නේ ඇති රාවණ රජුගේ තොටුපොල

මෙම වාර්තාවේ  “හොර්ටොන් තැන්න” වෙනුවට මහඑලිය තැන්න නම් සිංහල නම යොදා ඇත. කුරු අලි සෙල්ලමට මැරීමට අනුබල දුන්න  පාහර “හොර්ටොන් ” සිහිකිරීමද පවකි. වැඩිම අලි ගණනක් මාරු ඝාතකයා වන්නේ සැමුවෙල් බේකර්ය. ඔබත් හෝර්ටන් තැන්න කීමට පෙර දෙවරක් සිතා බලන්න.

සීතල නුවරඑළියේ සංචාරයේ යෙදෙන, මහඑලිය තැන්නට පැමිණෙන බොහෝ දෙනෙක් නොදන්නා ස්ථානයක් තමයි තොටුපොල කන්ද. තොටුපොල කන්ද ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයන්ගේ සඳහන්ව ඇත්තේ රාවණ රජුගේ තොටුපොල ලෙසිනි. රාවණ රජතුමා හුදෙක් මිත්‍යා කතාවකට සීමා කිරීමට කටයුතු කරන බටහිර ගැති පිරිසක්ද ඉන්න බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කල යුත්තක්  එසේ වීමට ප්‍රධාන හේතුව සාක්ෂි සොයා ගතහැකිනම් ලොව පළමුව ගුවනින් ගමන් කල පුද්ගලයා රාවණ රජතුමා වීමත් ශ්‍රී ලංකාවට එම අභිමානය හිමිවීමට ඉඩ ඇති නිසාය. එහෙව් ජාතියකින් පැවතෙන අපි බටහිර ආකල්ප හිස්මුදුනින් පිළිගැනීමත් තමන්ගේ මිනිසුන් ගැන නොසලකා හැරීමත් පිළිකුල දනවන කරුණකි.



තොටුපොල කන්දේ දෙවැනි මුදුනට පැමිණෙන ඔබට රාවණ රජුගේ තොටුපොල යැයි අනුමාන කල හැකි ස්ථානයක් හමුවේ. පුරාවෘතයන්ට අනුව ඈත අතීතයේ ඉන්දියාවේ රජකළ රාම කුමරු තම රූබර බිරිඳ වූ සීතා කුමරිය සමග වන ගතව වාසය කරන කල්හි එහි පැමිණි ලංකාවේ බල සම්පන්න රාවණ රජුගේ සොහොයුරියට යම් අවහිරයක් කරන ලද බව කියවේ. එයින් කෝපයට පත් රාවණ දඬු මොනරයෙන් ඉන්දියාවට ගොස් රූබර සිතාව පැහැරගෙන ආවේය. සීතා කුමරිය රැගත් යානය පළමුව ගොටබට ස්ථානය “තොටුපොල කන්ද” වූ අතර වසර ගණනාවක් ඇයව සඟවා තැබූ ස්ථානය “සීතා එලිය” නම් විය. රාවණ රජුට තොටුපොළක් වූ එම කන්ද “තොටුපොල කන්ද” ලෙස ඉන්පසු ව්‍යවහාර වූ බව සඳහන්ය.

මහඑලිය තැන්නේ සංචාරයට එක්වන ඔබ හුදෙක් ලෝකාන්තය හා බේකර් ඇල්ල පමණක් නැරඹීමේ චේතනාවෙන් මිදී මෙවන් ඓතිහාසික හා ජෛව  විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන නැරඹීමට උත්සුක වන්න යැයි ඔබට ආරාධනා කරනවා. එම ස්ථාන මතු පරම්පරාව වෙත රැක ගැනීම ඔබ සතු යුතුකමක්.