මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Saturday, February 6, 2016

දන්නෝ බුදුන්ගේ සින්දුවට වෙච්ච වැඩේ...

68 වන නිදහස් දින සැමරුම අවසානයේ කොළඹ ගාළු මුවදොර පිටියේ පැවති සංස්කෘතික උත්සයේදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය කැළඹීමට ලක් උනා. ඒ අපි කවුරුත් ප්‍රිය කරන දන්නෝ බුදුන්ගේ ගීතය බටහිර ඔපෙරා සංගීතයට ගායනා කිරීම හේතුවෙන්.

දන්නෝ බුදුන්ගේ ගීතය කියන්නේ මොකක්ද?

ලෝකයේ විශිෂ්ඨ සංගීත රචකයෙකු වූ වැග්නර් විසින් 1880's නිමවා පල්ලියේ ගැයුනු කන්තාරැ ගීතයකි.  මේ පිළිබදව මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ “ශ්රී ලංකාවේ කණ්ඩායම් සංගීතය” පොතෙහි සදහන් වන්නේ මෙවැන්නක්,

“1903 දී ජෝන්ද සිල්වා රචනා කළ , සිරිසඟබෝ නාටකයෙහි ‘ දන්නෝ බුදුන්ගේ ‘ ගීය සඳහා විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා සම්පාදිත තනුව , බටහිර තනුවක් බවටද මතයක් පවතී . . . . . කෙසේ වෙතත් විශ්වනාත් ලවුජී සම්පාදනය කර ඇති සිය ගණනකට අධික ගී තනුවලට වඩා “දන්නෝ බුදුන් ගේ” තනුව වෙනස් බවත් ,එහි බටහිර නැඹුරුවක් ඇති බවත් විචාරකයෝ පවසත් . ශ්රී ලංකාවේ බැප්ටිස්ට් දේවස්ථානවලද දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාවක් ඇත “

වැග්නර් විසින් 1880's නිමවා පල්ලියේ ගැයුනු කන්තාරැ ගීතය

ටවර් හෝල් යුගයේ සිට ගැයුණු එම ගීතයේ මුල් තනුවද ගැයුනේ බටහිර ආරකින් බව බොහෝ අය නොදන්නවා වෙන්න පුළුවන්. "දන්නෝ බුදුන්ගේ " අදට අවුරැදු 96 කට පෙරත් Hubert Rajapakse බටහිර ආරට ගයා තිබෙනවා. 

දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල් තනුව




අපිට සුපුරුදු නන්දා මාලනී / අමරදේවයන්ගේ දන්නෝ බුදුන් ගීතයේ පසු නිර්මාණ මුල් ගීතයට වඩා වෙනස්.
එම නිර්මාණය අපේ සිත් බැඳගෙන තියෙන නිසා ඔපෙරා හඬින් "දන්නෝ බුදුන්ගේ " ගීතය ගායනා කිරීම අපිට පෙන්නේ අපහාසයක් විදිහට. නමුත් ඉතිහාසය දන්නා කෙනෙකු එලෙස සිතීමට පෙළඹෙන්නේ නැහැ. මන්ද ටවර් හෝල් යුගයේ මුල් ගීයත් ඔපෙරා හඬින් ගයා තිබෙන නිසා.

දන්නෝ බුදුන් ගීතය නිදහස් උළෙලේදී ගායනා කලේ කවුද?
කිෂානි ජයසිංහ


ඇත්තටම කවුද මේ කිෂානි? 
කිෂානි ජයසිංහ යනු මේ වන විට ලංකාවෙන් බිහිවී තිබෙන විශිෂ්ටතම සොප්‍රානෝ ඔපේරා ගායිකාවයි. කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය එම විද්‍යාලයේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසද කටයුතු කළාය. කි‍්‍රෂානි බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියකි. ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඔපෙරාවෙ මුදුන් මල්කඩ බඳු වූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාන්කිකයා ඇයයි. බටහිර මාධ්ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්‍රානො කිරුලේ මාණික්යය ලෙසයි. කි‍්‍රෂානි රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත් කි‍්‍රෂානි ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබෙනවා. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා. කි‍්‍රෂානි අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඔරු පැදීමේ ශූරිය වූ අතර අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස සේවය කර තිබෙනවා.

කිශානි දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කල හැටි..


කිශානි ගායනා කරන ලද වෙනත් ඔපෙරාවක්.