


1630 දී දෙවන රාජසිංහ රජතුමා හට තම මාලිගයේ ජනෙල් හා දොරවල් එවකට
ඉන්දියාවේ ජනප්‍රිය වී තිබු ලක්ෂා කර්මාන්තයෙන් අලංකාර කිරීමට අවශ්‍යය වූ
හෙයින් රට පුරා අඬබෙරකරුවන් යැවීය. දුෂ්කර ගමක වාසය කල පුසප්පු නම්
නිර්භීත පුද්ගලයෙක් මෙම අභියෝගය භාරගෙන ශ්‍රී ලංකාවට ආවේනික කැටයම් වලින්
සහ ලාක්ෂා වැඩ වලින් පරිපූර්ණව මාලිගාව ඔපවත් කරනු
ලැබුවා. මෙයින් සතුටු වූ රජ ඔහු හට ගම් නියන් ගම් හා ඇතෙකු තෑගී කල බව
ඉතිහාසයේ සඳහන් වනවා. තමන් හට තෑගී කල ගම් බිම් කරා ඇදුනු පුසප්පු ගමන් කල
ඇතා වැතිරුණු ස්ථානය හපිහිඩ නමින් හඳුන්වා පසුව හපුහිඩ ද යථා කාලයේ පල්ලේ
හපුවිට නමින්ද හඳුන්වනු ලැබුවා. පුසප්පු ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තයේ පෙර ගමන්කරු වන අතර පල්ලේ හපුවිට ලාක්ෂා කර්මාන්තය ආරම්භක ස්ථානය ලෙස සැලකෙනවා.
නියපොතු වැඩ සහ පට්ටල් වැඩ ලෙස ලාක්ෂා කර්මාන්තයේ අංශ දෙකක් ඇත. මෙයින් නියපොතු වැඩ ලංකාවට ආවේණික වූ ක්‍රමවේදයකි. නමුත් පට්ටල් වැඩ සෙසු රට වලදීද හඳුනා ගත හැකිය.
නියපොතු වැඩ සහ පට්ටල් වැඩ ලෙස ලාක්ෂා කර්මාන්තයේ අංශ දෙකක් ඇත. මෙයින් නියපොතු වැඩ ලංකාවට ආවේණික වූ ක්‍රමවේදයකි. නමුත් පට්ටල් වැඩ සෙසු රට වලදීද හඳුනා ගත හැකිය.
ලාකඩ එහෙමත් නැත්නම් වෙළඳ පොලේ චලෙට් නමින් හඳුන්වන මෙය වර්තමානයේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබනවා. ඉන්පසු ලාකඩ දියකර වර්ණ සමග මුසුකර ලාක්ෂා කැබලි නිර්මාණය කර ගනු ලබනවා. ගිනි සපු හා ගං සූරිය ලි වර්ග ලාක්ෂා
කර්මාන්තය සඳහා යොදා ගන්නා අතර එය පළමුවෙන් කපා පොතු ගසා ලියවන පට්ටලය
ආධාරයෙන් අවශ්‍ය හැඩය මතුකර ගැනීමෙන් පසු අත් යන්ත්‍රයට සවිකර කැර කැවීමෙන්
ලාක්ෂා ආලේප කර ගනු ලබනවා. ඉන්පසු පන් කොලයකට
පොල්තෙල් ආලේප කර පිරි මැදීමකින් භාණ්ඩයේ ඔපවත් බව වැඩි කර අවසානයේ කටුවක්
ආධාරයෙන් ශ්‍රී ලංකාවට අවේණික කැටයම් වලින් සුන්දර වන මෙය වෙළඳ පොලට
පැමිණෙනවා. ලාක්ෂා ආලේප කිරීමෙන් සුන්දර වූ සේසත්, හැරමිටි, බට නලා, අළු බඳුන්, ආබරණ මංජුසා හා තවත් බොහෝ දේ ඔබට මිලදී ගන්න පුළුවන්.

අමුද්‍රව්‍ය මිල අධිකවීම, පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම, කර්මාන්තය පුහුණු කරන ස්ථාන නොමැති වීම, පරම්පරාවෙන් පරම්පරාවට ලාක්ෂා කර්මාන්තය විකාශනය නොවීම නිසා අවුරුදු 400 ක් පමණ පැවතුනු ලාක්ෂා කර්මාන්තය පරිහානියට ලක්වීමට අපේ දේ අගයන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස කනගාටුවීමට කරුණකි.
No comments:
Post a Comment