වියළි සුළං රොද අප
ගතෙහි දැවටුනේ පවතින ඉඩෝරයේ සලකුණු පෙන්නුම් කරමිනි. සියලුම ප්‍රධාන ජලාශ සිඳී ගොසිනි. ස්වාභාව ධර්මය ඔච්චමට මෙන්
පොලව විටින් විට තෙත් කරමින් මිනිසුන්ගේ සිතේ
බලාපොරොත්තු ඇතිකරනමුත්,
වරුසාවක පෙරනිමිත්තක් පෙනෙන්නට නැත. මෙවන් අවදියකදී අප බලාපොරොත්තුවෙන් සිටි පුවතක් දැනගැනීමට ලැබුණි. එනම් කොත්මලේ ජලාශයේ සැගව තිබෙන නටබුන් මතුවී ඇත යන්නයි. මීට කලින් කොත්මලේ ජලාශය නරඹා තිබුනද නටඹුන් නැරඹීමේ අවස්ථාක් නොලැබුනි.මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.
Wednesday, December 3, 2014
කොත්මලේ ජලාශය යට සැඟවුණු අපගේ ඉතිහාසය
වියළි සුළං රොද අප
ගතෙහි දැවටුනේ පවතින ඉඩෝරයේ සලකුණු පෙන්නුම් කරමිනි. සියලුම ප්‍රධාන ජලාශ සිඳී ගොසිනි. ස්වාභාව ධර්මය ඔච්චමට මෙන්
පොලව විටින් විට තෙත් කරමින් මිනිසුන්ගේ සිතේ
බලාපොරොත්තු ඇතිකරනමුත්,
වරුසාවක පෙරනිමිත්තක් පෙනෙන්නට නැත. මෙවන් අවදියකදී අප බලාපොරොත්තුවෙන් සිටි පුවතක් දැනගැනීමට ලැබුණි. එනම් කොත්මලේ ජලාශයේ සැගව තිබෙන නටබුන් මතුවී ඇත යන්නයි. මීට කලින් කොත්මලේ ජලාශය නරඹා තිබුනද නටඹුන් නැරඹීමේ අවස්ථාක් නොලැබුනි.කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත වැටීමත් සමග කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමයේ බුදුගෙය නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. වසරේ වැඩි කාලයක් ජල කඳ යට සැඟවී තිබුනද මෙහි ඇති ගාම්භීරත්වය අතීතයේ මෙන්ම වර්තමානයේ ද දැක ගත හැකිවීම පුදුමය දනවන කාරණයකි.
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment