
ඇත්තටම දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්. මේ මඩ ගොඩට බැස්ස උදවියගෙන් ඉතාමත් ටික දෙනයි අතපය පිරිසිදුවට තියන් ගොඩට ඇවිත් තියෙන්නේ... මට හිතුනා දේශපාලනය ගැන ලෝකයේ විද්වතුන් ප්‍රකාශකළ අදහස් කිහිපයක් ඔබ හමුවේ ගෙන හැර දක්වන්න.
George Orwell නැමැති ඉංග්‍රීසි කතුවරයා කියන විදිහට "දේශපාලනය නමැති භාෂාව නිර්මාණය වී ඇත්තේ බොරුව ඇත්ත ලෙස පෙන්වීමට බවයි."
Alan Clark නමැති හිටපු බ්‍රිතාන්‍ය ඇමතිවරයකු පවසන විදිහට "දේශපාලනයේ මිතුරන් නැහැ. සියලුම දේශපාලඥයන් මිනි මෝරුන් වගේ.. අවශ්‍යතාව එනකම් බලන් ඉන්නේ අනෙකා විනාශ කිරීමට.
Kin Hubbard "අපි හැමවිටම උත්සහ කරන්නේ හොඳම පුද්ගලයාට චන්දය ලබා දීමටයි. නමුත් හොඳම පුද්ගලයා අපේක්ෂකයෙකු නොවේ.
Charles de Gaulle"අපගේ ස්වාමියා වීම සඳහා අපගේ සේවකයෙකු ලෙස රඟපානු ලැබේ."
Nikita Khrushchev "දේශපාලඥනයන් චන්දය ගැනීම සඳහා ගඟක් නැති තැනක උනත් පාලමක් හැදීමට පොරොන්දු දෙයි."
Doug Gwyn "බහුතර චන්දයෙන් ඇත්ත තීරණය නොවේ."
අපි පක්ෂ / පාට බෙදිලා මරා ගන්නවා. නමුත් අපි පත් කල දේශපාලඥයන් හෙට ඔවුන්ගේ තනි මතයට පක්ෂ / පාට මාරු කරනවා. ගොඩක් වෙලාවට මෙහෙම වන්නේ තම සුඛ විහරණය උදෙසා.ඒක නිසා අරයා ගියාද / මෙයා එනවාද නැත්නම් වෙනත් දේ ගැන කතා කිරීමත් අපගේ කාලය නාස්ති කිරීමක්. නිදහසින් පසු අප ආ ගමන් මග බැලුවොත් වැදගත් දේශපාලඥයින් කියන්න පුළුවන් ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් අඩුයි.
බලන්නකෝ අපේ දේශපාලඥයන්ගේ දිව දෙකේ කතා..
ReplyDeleteහරියට comedy එකක් වගේ..
https://www.youtube.com/watch?v=ke9_uuCmzHQ#t=180