මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Monday, December 1, 2014

හරිම රස්නෙයි මෙයා..

අලුත බැඳපු ජෝඩුවක් නිවාඩුවක් ගත කරන්න තායිලන්තයට යන්න තීරණය කළා. මහත්තයා  සැලසුම් කල දවසෙම පිටත් උනත් අන්තිම මොහොතේදී යෙදුනු වැඩක් නිසා නෝනට ගමනට සහභාගී වෙන්න පුළුවන් වන්නේ දවස් දෙකකට පස්සේ..  දෙන්නා තායිලන්තයේදී මුණ ගැසෙන්න තීරණය කළා.

ගුවන් තොටුපොළේ ඉඳන් හෝටලයට ආපු ගමන් නෝනට විද්‍යුත් පණිවුඩයක් (email එකක්) යවන්න තීරණය කළා.

අවාසනාවට විද්‍යුත් ලිපිනය ටයිප් කරන කොට අකුරක් වැරදුනා... email එක වැරදිලා ලැබුනේ මීට දිනකට කලින් මහත්තයා මිය ගිය වයසක වැන්දඹුවකට.
email එක දැක්ක ගමන් භයවෙලා කෑ ගහගෙන නැගිට්ට ගමන් කලන්තේ දාල ඇදගෙන වැටුනා.

සද්දේ ඇහිලා ගෙදර උදවිය දුවගෙන ඇවිත් බලනකොට ලැප්ටොප් එකේ screen එකේ මෙහෙම email එකක් open වෙලා තිබුනා..

ආදරණීය බිරිඳ වෙත,
මම දැන් ටිකකට කලින් ආවා. හෙට ඔයාගේ පැමිණීමට සියල්ල සුදානම්...

ප.ලි - මෙහේ හරිම රස්නෙයි...

No comments:

Post a Comment